නිමල කොඩිතුවක්කු
ඩිජිටල් ගනුදෙනුවලින් අනාගතය හැඩගන්වමු මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනේ මීළඟ අදියර නුවරඑළයේදී ලබන 22 සහ 23 යන දිනවලදී පැවැත්වේ.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාමේ වැනි විද්‍යුත් මුල්‍ය සේවා සපයන්නන් අතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් (Mobile Payment Apps Service Providers ) මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද සහභාගී වීමට නියමිතය.
මහජනතාවට ඔවුන්ගේ දෙනික අවශ්‍යතා සදහා මුදල් භාවිතය වෙනුවට ආරක්ෂිතව, පහසුවෙන් සහ අඩු වියදමකින් යුතුව ඩිජිටල් ගෙවීම් කිරීමට හැකියාව ඇති ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියාපදිංචි වීමට මෙමගින් පහසුකම් සැලසේ.
මෙම වැඩසටහනට සහභාගී වන වෙළෙදුන්ගෙන් LANKAQR ගෙවීම් ක්‍රමය භාවිත කර මිල දී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සුවිශේෂී වට්ටම් ලබා දෙනු ඇත.
නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව සිය දැනුම්වත්භාවය වැඩි කරගැනීමට සහ ජංගම දුරකථන භාවිත කර ඩිජිටල් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව ගෙවීම් යෙදුම් සේවා සපයන්නන්ගෙන් ඍජුවම සහය ලබාගැනීමට ද මෙම ස්ථානයේදී හැකියාව ලැබෙනු ඇත.
වැඩසටහනට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට ආරාධනා කරයි.
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී