IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඩුබායි රජය වැඩියෙන් තේ ගනී

ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා තේ ප්‍රමාණය ඉහළ දැමීමට ඩුබායි රාජ්‍යය සැරසේ.

ඩුබායිහි වාර්ෂික තේ පරිභෝජනය කිලෝග්රෑම් ලක්ෂ 700 ක් පමණ වේ. ඉන් කිලෝග්රෑම් ලක්ෂ 200 ක් පමණ ආනයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවෙනි.

ශී්‍රලංකාවේ තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගුණාත්මක භාවයට වැඩි තැනක් දී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ තේ වලට ලොව පුරා හොද ඉල්ලූමක් පැවැතීමට හේතුව වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අන් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පරිසරයටත් අවම හානියක් ගෙන දෙමින් ක්‍රියාත්මක වන්නක් බව හෙතෙම කියයි.

ශ්‍රී ලංකා තේ ලොව පුරා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තමා චිලී,දකුණු අප්‍රිකාව හා වියට්නාමය යන රටවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.



අදහස් (0)

ඩුබායි රජය වැඩියෙන් තේ ගනී

හිමාලි Saturday, 29 June 2013 11:47 PM

ඩුබියි රටේ සල්ලි කොහොමද හලාල් වෙන්නේ (අ)

:       0       0

කුමාර Tuesday, 02 July 2013 06:44 AM

අරාබි රටවල් අපෙන් තේ ගන්නේ අපිට ආදරේට අපේ අදායම වැඩි කරන්න කියලා නෙමෙයි. එයාලගේ වාසිය තකා. ඒක තේරුම් ගන්න. එයාලා වෙනත් ජාතීන්ට ආදරේ තරම බලන්න අරාබි රටකට ගිහින් සේවය කරන්නකෝ. (නි)

:       0       0

නීල් රණා Monday, 01 July 2013 02:09 PM

සෑම්, කුමාර්, නීලා, පරපුර ගැන කිව්වොත් මතුවෙයි රස කතා.. දරුවනි මමයි නුවර මාලිගාවේ ඇතා.. // ව්‍යාපාරිකයින් ලෙස මේ රටේ සාර්ථක කවුද ? අන් අය අසාර්ථක වන්නේ ඇයි ? වැනි කරුණු අප දෙවරක් සිතිය යුතුයි. එක්කලක අපේ තුනපහ වර්ග ලෝකයේම ප්‍රචලිත කලේ අරාබිවරු. පසුව තේ රබර් හඳුන්වාදී ඒවාට ලෝකයේ ඉහලම තැන ලබාදුන්නේ ඉංග්‍රීසීන්. දැන් වෙනකොට මහලොකු මහ ජාතිය ඒ සියල්ලම නැතිකරගෙන තමුන්ගේ අවසානයම එළඹෙන තෙක් වඳිනවා පුදනවා යදිනවා මදිවට රැවටෙනවා. අන්තෝ ජටා බහි ජටා. (දී)

:       0       0

අර්ෂා Monday, 01 July 2013 11:24 AM

නීලා, ඔය පරණ කුණු අවුස්සන ගියොත් ඔක්කොම මාට්ටු. ඒක නිසා මේ ලංකාවේ ඉපදුනු සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය. එය මහජාතියත් සුලුජාතියත් අමතක නොකළ යුතුයි. ඔය හැම ආගමක්ම ආවේ පිටතින් නේද ? (දී)

:       0       0

නීලා Monday, 01 July 2013 09:40 AM

මෙහෙමනේ කුමාර්, කුවේනිට කොලේ වහලා මේ රට අල්ලගෙන දැන් අපේ අපේ කියනවා.දඹානේ කට්ටිය ජිනිවා ගියොත් ඔය ඔක්කොටම උත්තර නැති වෙනවා.අල්ලපු රටෙන් පිටුවහල් කරපු අපි දැන් කෑගහනවා උතුම්ම ජාතිය ලොවෙන්ම අපි කියලා. (නි)

:       0       0

කුමාර් Sunday, 30 June 2013 04:11 PM

හලෝ සෑම් සහෝදරයා, කොහොමද මේක ඔයාලගේ බෞද්ධ රට වෙන්නේ? බෞද්ධයන්ට ඉස්සෙල්ලා ලංකාව "රාවණාගේ" හා ඊට පස්සේ මේක "කුවේනිගේ" රට. කුවේනිගෙන් පැවතෙන අය තාම ඉන්දැද්දී ඔයාලා මේ රට බෞද්ධ විතරක් කියලා කියන්න එපා, අපි ඔක්කොම ලාංකිකයෝ. (නි)

:       0       0

සෑම් Sunday, 30 June 2013 11:31 AM

ඩුබායි කියන්නේ කුරාණය හෝ ෂරියා නීතිය දැඩිසේ ක්‍රියාත්මක නොකරන රටක්. ගොඩක් බටහිර සංස්කෘතියට ගැතියි. ඒකයි ඩුබායි වලත් අනෙකුත් අරාබි රටවලත් ඇති වෙනස. අනික තේ බැරිනම් අපෙන් හාල් ගත්තත් මේක අපේ බෞද්ධ රට. කවුරු කවුරුත් ඒක දැනගෙන හිටියොත් හොඳයි. (නි)

:       0       0

සේන Sunday, 30 June 2013 09:39 AM

"පැසේජ් ටු ශ්‍රී ලංකා" කියල කරී පේස්ට් තියනවා මම පලවෙනි වතාවට දැක්කේ අබුඩාබි වල.මට හරි සන්තෝෂ හිතිලා අරන් බැලුවම එක මේඩ් ඉන් ඔස්ට්‍රේලියා.ඇත්තටම වෙන රටවල් අපේ රස විකුනනවා අපට බැහැ. පොල්කිරි තියනවා සිලෝන් කොකනට් කියලා. ඒකෙ තියෙන්නේ වෙන රටවල් වල නිපදවපුවා (නි)

:       0       0

චූලා Sunday, 30 June 2013 09:37 AM

සිලෝන් ටී කියලා අපේ නම දාලා තේ පැකට් තියනවා. අරන් බැලුවම අපනයනය කරලා තියෙන්නේ ඉන්දියාවෙන්,මැලේසියාවෙන්. මේ රටවල් අපෙන් තේ අරන් අපේ නම දාලා ප්‍රති අපනයනය කරනවා.අපට බැහැ අපනයනය කරන්න. ඇයි මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

නීල් රණා Friday, 28 June 2013 11:08 AM

අරාබියේ මුස්ලිම්වරු නිතර තේ පානය කිරීම පුරුද්දක් කරගෙන ඇති නිසා අපේ තේ වලට හොඳ වෙළඳ පොලක් එහි තිබෙනවා. නමුත් කසල තේ මිශ්‍ර නොකොට ගුණාත්මක තේ පමණක් අපනයනය කිරීම ඉතා වැදගත්. මන්ද වංචා සහගත පහත් වෙළඳාම නිසා බොහෝ කලක සිටම ලංකාවේ තේ වලට සුද්දන් ඇතිකර තිබු උසස් නාමය කිලිටිවී ගොස් ඉන්දියාව දැනටමත් එයින් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඇති නිසයි. (නි)

:       0       0

අචලා Saturday, 29 June 2013 03:24 PM

බොදු බල සේනාව ජාති වාදය අවසාන කරන්න

:       0       0

ඩී.උපුල් Saturday, 29 June 2013 11:45 AM

ගල්ෆ් කියන්නේ සල්ලි උල්පතක්. ඒත් අපේ නිෂ්පාදන ප්‍රචාරය කරන්න කිසිම වැඩ පිළිවෙලක් මේ රටවල් වල නැහැ. (අ)

:       0       0

චන්න Saturday, 29 June 2013 11:08 AM

ඔය එක එක කට්ටිය බොරුවට කයිවරු ගැහුවත් අන්තිමේට ලංකාවට පිහිටවෙන්නේ මේ රටවල් තමයි. ලංකාව දියුණු වෙන මාර්ගයක් ගැන නොහිතා ජාතිවාදය තවදුරටත් අවුස්සන්න අනුබල නොදෙන්නට කවුරු කවුරුත් ක්‍රියා කරනවා නම් මෙරට දියුණුවෙන් දියුණුවට පත්වෙයි (නි)

:       0       0

ධම්ම Saturday, 29 June 2013 10:47 AM

ශ්‍රී ලංකා තේ ඩුබායිවල තියෙන්නේ වෙන වෙන නම් වලින්. ශ්‍රී ලංකා තේ මන්ඩලයට ග්ලෝබල් විලේජ් එකේ තේ කඩයක් දාගන්න බැරිඋනා.(නදී)

:       0       0

දිසා Saturday, 29 June 2013 10:08 AM

මේ ලොක්කෝ මෝඩ කම් තවත් ඉදිරියට කරන්න එපා , ලංකාවට ඕනේ දැන් සල්ලි හින්ද රටේ සම්පත් බාල්දුවට විකුනනවා ලජ්ජා නැද්ද අපේ තේ අප්‍රිකාවට වික්කම වෙන වැඩේ , (අ)

:       0       0

අරුෂි Saturday, 29 June 2013 10:03 AM

හලාල් රටවලට තේ යවන්න එපා හලාල් සල්ලිත් අපිට එපා කිවොත් එතින් ලංකාවේ බාගයක් කට්ටිය ගෙවල් දොරවල් නැතිව පාරේ ඉන්නය් වෙන්නේ (අ)

:       0       0

ස්ටීව් Friday, 28 June 2013 07:10 PM

ඔය එක එක කට්ටිය බොරුවට කයිවරු ගැහුවත් අන්තිමේට ලංකාවට පිහිටවෙන්නේ මේ රටවල් තමයි. ලංකාව දියුණු වෙන මාර්ගයක් ගැන නොහිතා ජාතිවාදය තවදුරටත් අවුස්සන්න අනුබල නොදෙන්නට කවුරු කවුරුත් ක්‍රියා කරනවා නම් මෙරට දියුණුවෙන් දියුණුවට පත්වෙයි (නි)

:       0       0

ශ්‍රී Friday, 28 June 2013 12:45 PM

දැන් කවුරුහරි කියයිද දන්නේ නැහැ හලාල් රට වලට අපේ තේ යවන්න එපා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site