DIMOදැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්වDIMO හි TATA ගනුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.
පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ගෙවීමෙන් නිදහස් කිරීම මඟින් ප්‍රතිලාභයක් මෙම නව රක්ෂණාවරණය හරහා පාරිභෝගිකයා හට ලබාදෙනු ලැබේ. තව ද මෙම රක්ෂණ ක්‍රමවේදය හරහා DIMO හි සියලුම TATA ගනුදෙනුකරුවන්ට සිය රක්ෂණ වාරික අලුත් කිරීමේදී විශේෂ ගෙවීම් අනුපාතිකයන් ලබාදීමද සිදුවනු ඇත. කිසියම් හෝ අනතුරකින් පසු වාහනය ළඟම ඇති DIMO හි TATA වැඩපොළ වෙත රැගෙන යාම, වඩා වේගවත් ඇස්තමේන්තු අනුමත කිරීමේ ක්‍රියාවලීන්, නිෂ්පාදකයාගේ නිර්දේශවලට අනුකූලව අලුත්වැඩියා කටයුතු සිදුකිරීම, අලුත්වැඩියා බිල්පත් ගෙවීම් හා තිබූ පරිදිම වාහනය නැවතත් අයිතිකරු වෙත භාරදීම දක්වා වන සියලු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් TATA පාරිභෝගිකයන් වෙත සුවපහසුව සැපයීම මෙමඟින් සිදුවේ.
DIMO හි සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ‘මෙම හවුල මඟින් අප ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් මනා සේවාවක් සැපයීමට අපට හැකිවෙනවා. සමාගමක් වශයෙන් අප සේවා දායකයන්ගේ සිහින සහ අභිලාශ බලගැන්වීම උදෙසා අප නිතරම කටයුතු කරන අතර, මෙවැනි කාලසීමාවක Allianz හා එක්ව මෙවැනි රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව මා සතුටු වෙනවා”
-සටහන- චමින්ද මුණසිංහ
ඩිමෝ සහ එලායන්ස් එකතුවෙන් නව රක්ෂණාවරණයක්