IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තෙල් සංස්ථාවේ ණය කෝටි 90,000 ක් ඩීසල් මිල අඩු නොවේ

යොහාන් භාසුර
ඩීසල් මිල සෑම මාසයකම අඩු කළ නොහැකි බවත් ඩීසල් මත පනවා ඇති විශාල බද්ද අඩු කරන ලෙස ඉල්ලා සිටිය ද එය අඩු කළ නොහැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බේරුවල ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.
ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ දිගු කාලයකට පසුව ඩීසල් මිල රුපියල් 300 කට වඩා අඩු වූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් කෝටි 90,000 ක් පමණ වන ණය සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාරය භාරගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඒ හේතුවෙන් එම ණය ගෙවීම සඳහා විකුණන සෑම තෙල් ලීටරයකටම බද්ද අයවන බවත් ඒ නිසා එම බද්ද ඉවත් කළ හැක්කේ කෝටි 90,000 ගෙවා අවසන් කළ පසු බවත්ය. එහෙම නොවුණහොත් බදු මුදල්වලින් එම ණය ගෙවීමට වන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

තෙල් සංස්ථාවේ ණය කෝටි 90,000 ක් ඩීසල් මිල අඩු නොවේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site