IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


තේ අර්බුදයට ණය යෝජනා ක්‍රමයක්

ලෝක වෙළඳ පොළේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින තේ කර්මාන්තශාලා සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ අනුව, සියලුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රාජ්‍ය හා වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර වසර දෙකක කාලයක් සඳහා 2%ක පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරයෙන් අදාළ බැංකු වෙත ගෙවීමට රජය පොරොන්දු වී තිබේ.

රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහතරට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ පහතරට තේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.

 

 



අදහස් (0)

තේ අර්බුදයට ණය යෝජනා ක්‍රමයක්

සුනිල් ගිකියනගේ Friday, 26 June 2015 08:03 PM

කසල තේ විකුණන කසල වැඩේ කරන්නේ කසල දේශපාලකයෝ මුල්වෙලා. ඉස්සර මහින්දගේ කට්ටිය දැන් අනිත් අය (නදී)

:       0       0

සුනිල් ගිකියනගේ Friday, 26 June 2015 08:05 PM

කසල තේ විකුණන කසල වැඩේ කරන්නේ කසල දේශපාලකයෝ මුල්වෙලා. ඉස්සර මහින්දගේ කට්ටිය දැන් මෛත්‍රීගේ එහෙම නැත්නම් රනිල්ගේ කට්ටිය කරන්නේ මල්ල පුරෝ ගන්නවා. ලංකාවේ තේ ලෝකයෙන් තුරන්වෙනවා. කෙන්යාව වගේ රටවල් අපේ තේ වෙළඳපොල අල්ල ගන්නවා. ඇමතිලා නිදි. (ස)

:       0       0

නිවන්තක Wednesday, 01 July 2015 04:56 AM

මේක නම් හොඳයි (නි)

:       0       0

සමන් Wednesday, 01 July 2015 04:55 AM

ඔයාලා දන්නවද ලංකාවට පිටරටින් තේ කන්ටේනර් ගණන් ආනයනය කරනවා කියලා? (නි)

:       0       0

චතුර Monday, 29 June 2015 04:13 PM

කසලයෝ කියා මිනිස්සුන්ව හංවඩු ගහන්න එපා. ඒ ව්‍යාපාරය පාරම්පරිකව පැවත එන්නක්.ඔබ නොදන්නවා වුනාට එය නිසා තමයි තේ කර්මාන්තය මේ තාක් දුරට හෝ රැකී තිබෙන්නේ.මේ තේ මිශ්‍ර කිරීම නිසා තමයි තරඟකාරී මිළකට අපේ තේ වෙළඳපොලට සැපයීමේ හැකියාව ලැබී තිබෙන්නේ.නැත්නම් අපේ රට තේ වෙළඳපොලෙන් විසි වී විශාල කාලයක්.මා හොඳින් දන්නවා මේ තත්වයට වගකිවයුත්තේ අංක එකටම තේ මණ්ඩලය.ඔවුන් තමයි මේ කසල තේ කියන අශෝබන නමට මුල් ගල තැබුවේ.කසල තේ කියා මේ යොදා තිබෙන නමට කිසිම පදනමක් නැහැ.එය ආවට ගියාට නමක් නැතුවට දාපු නමක්.ඒකට හොඳම උදාහරණය තමයි කසල තේ වලින් හොඳ තේ නිස්සාරණයට බලපත් තේ මණ්ඩලය නිකුත් කර වාර්ෂිකව මුදල් අය කර ඒවා අලුත් කිරීම.(බ)

:       0       0

රහීම් Monday, 29 June 2015 04:54 PM

මම වසර ගණනාවක් තේ වතුවල වැඩ කරපු නිසා මේ විස්තර දන්නේ. තේ මණ්ඩලය කසල තේ කර්මාන්ත කරුවන්ට බලපත්‍ර දීල කරන්නේ ලොකු පාපයක්. (බ)

:       0       0

රහීම් Monday, 29 June 2015 04:54 PM

චතුර, කසලයෝ කියල නොකිය වෙන නමක් කියන්න බැහැ. මේ කසල තේ කර්මාන්ත ශාලා වල ගොඩගහල තියෙන්නේ කසල කියන නමෙන් ජාත්‍යන්තර වෙළඳ පොලට මේ ජරාවෙන් හොඳ තේ හදන්න තේ මණ්ඩලය අවසර දීල නැහැ. අනික කසල තේ වතුවල පොහොර විදියට පාවිච්චි කරන්නේ ලංකාවේ හොඳ තේ එකක් බොන්නේ තේ වගාකරන කර්මාන්ත තියෙන පළාත් වල ඉන්න අය (බ)

:       0       0

සුභා Sunday, 28 June 2015 03:54 AM

අපි ඇමෙරිකාව සමගයි, ලෝකය චීනය සහ රුසියාව සමගයි. (නදී)

:       0       0

සජී Friday, 26 June 2015 02:01 PM

අපිට නම් ප්‍රශ්නයක් නැහැ. රුපියල් 80ව ගානෙම ලැබෙනවා. (නි)

:       0       0

ටෙනිසන් Friday, 26 June 2015 02:35 PM

මේ වැඩේ නම් හොඳයි ව‍ගේ (නි)

:       0       0

රහීම් Friday, 26 June 2015 02:35 PM

ලෝක තේ අර්බුදයට වඩා ලංකාවේ කසල තේ අර්බුදයට පිළියමක් කරන්න ඕනෑ. මේ කසලයෝ කරන කසල වැඩේ නිසා ලංකාවේ තේ කව්රුවත් ගන්නේ නැතිවෙනවා. (නි)

:       0       0

රහිම් Friday, 26 June 2015 02:37 PM

ලෝක තේ අර්බුදයට වඩා ලංකාවේ කසලයෝ කරන කළ තේ අර්බුදයට පිලියමක් කරන්න ඕන. මේ කසලයෝ කරන කසල වැඩේ නිසා ලංකාවේ තේ කවුරුවත් ගන්නේ නැති වෙනවා. මේවට මේ ක්රමාන්ත කාරයොත් වග කියන්න ඕන. මේ කර්මාන්ත කාරයෝ තම කසලයන්ට කසල තේ විකුනන්නේ .(හේ)

:       0       0

බන්දුල Friday, 26 June 2015 02:37 PM

මොනවාහරි කරලා තේ වගාකරුවන් දිරිමත් කරනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

විමල Friday, 26 June 2015 02:37 PM

ලංකාවේ තේ වලට මුළු ලෝකය පුරාම ඇත්තේ ලොකු ඉල්ලුමක් (නි)

:       0       0

ටිකිරි Friday, 26 June 2015 02:37 PM

රහිම් සමඟ මමත් එකඟයි (නි)

:       0       0

අකිල Friday, 26 June 2015 02:38 PM

මේ ණය යෝජනා ක්‍රමය හොදයි.(හේ)

:       0       0

අනිල් Friday, 26 June 2015 02:38 PM

එහෙනම් තේ බීලත් හමාරයි.(හේ)

:       0       0

එරංග Friday, 26 June 2015 02:38 PM

මෙය ලොකු බලපෑමක්.(හේ)

:       0       0

සමිත Friday, 26 June 2015 02:37 PM

මෙය රටේ ආර්ථිකයට බලපායිද?(හේ)

:       0       0

මාධවී Friday, 26 June 2015 02:37 PM

බැලුවොත් හැම තැනම ණය තමා.(හේ)

:       0       0

කල්ප Friday, 26 June 2015 02:37 PM

මොන දේ වුනත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අඩු කරන්න එපා.ඒ මිනිස්සු අසරණයි.(හේ)

:       0       0

අංජලී Friday, 26 June 2015 02:37 PM

මෙය තේවතු කම්කරුවන්ටත් බලපෑමක් එල්ල වෙනවාද?(හේ)

:       0       0

එරංග Friday, 26 June 2015 02:38 PM

මේක ලොකු බලපෑමක්.(හේ)

:       0       0

හරිත් Friday, 26 June 2015 02:38 PM

තේ මිලත් අඩු වුනානම් ප්ලෙන්ටියේ මිලත් රුපියල් 05 දක්වා අඩු වෙයි.(හේ)

:       0       0

විකුම් Friday, 26 June 2015 02:39 PM

දැන්වත් කටට රහට තේ එකක් බොන්න පුළුවන්.(හේ)

:       0       0

රංජිත් Friday, 26 June 2015 02:39 PM

ඒ අයට ණය දෙන්නේ සියයට දෙකේ පොලිසියට හැම වාසියක්ම ලොක්කන්ට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site