IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී

භානුක අමරසිංහ 

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්වය අලෙවි කළ බව පවසයි.

පසුගිය මාර්තු 28 වැනිදා මෙම අලෙවි කිරිම සිදුව තිබේ. ඒ අනුව එම සමාගමේ සාමාන්‍ය කොටස් 2,173,341ක් (සියයට 99.99ක්) අලෙවි කළ බව සමාගම සඳහන් කරයි. 

සමාගම අනාවරණය කරන ආකාරයට  Lavendish Leisure Hotels and Resorts  සමාගම එම හෝටලය මිලදී ගත් ගැනුම්කරුවාය. මෙහිදී රුපියල් 243,464,041ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙම Lavendish Leisure Hotels and Resorts සමාගම මෙරට සුප්‍රසිද්ධ දැඩිගම සමූහයට අයත් සමාගමකි.

පසුගිය වසරේ මැයි මාසයේදී බ්‍රිතාන්‍යය හෝටලයක් මිලදී ගැනීමටද දැඩිගම සමූහය කටයුතු කළේය. එය එම සමාගම එරටදී මිලදී ගත් දෙවැනි හෝටලයද වෙයි.



අදහස් (0)

දැඩිගම සමූහය රු. මි. 243කට Equity Hotels මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site