IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


දැයට කිරුළෙන් දිසා හතරකට කිරුළ

මෙවර අම්පාරේදී පැවැත්වීමට නියමිත දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෟතීන් රැසක් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ආරම්භ කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සැරසේ.

කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පානීය ජලය, විදුලිය යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 10650 කි.

දැයට කිරුළ ප්‍රදර්ශනය මෙම මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර   ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ ‘නැගෙනහිර ආශ්චර්යය‘  යන්නයි.ප්‍රදර්ශනයේදී ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම වැඩසටහනේ මෙතෙක් සාර්ථකත්වය හා ඉදිරියේදී

සිදුකිරීමට නියමිත වැඩකටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරීමටද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වේ.



අදහස් (0)

දැයට කිරුළෙන් දිසා හතරකට කිරුළ

අමිල Saturday, 23 March 2013 07:11 AM

ඉස්සර ගම් උදාව පටන් ගත්තෙත් 23 වෙනිදාවක.(නදී)

:       0       0

සනත් Friday, 29 March 2013 08:13 PM

මේ වගේ මිනිස්සු මුලා කරන වෙන දෙයක් නැහැ. මේකෙන් සංවර්ධනය වෙන්නේ ලොකු තැන්වල අයයි.(නදී)

:       0       0

ගලබඩ Thursday, 28 March 2013 06:29 PM

අපි අපේ පාලකයින්ට සදා ණයගැති වියයුතුයි. (නි)

:       0       0

පාලිත Thursday, 28 March 2013 11:06 AM

ප්‍රාදේශීය මට්ටමෙන් දියුණු වෙනවා මේ ක්‍රියාවෙන් (දී)

:       0       0

නන්දන Tuesday, 26 March 2013 02:21 PM

වාර්ෂිකව පැවැත්වෙන මේ ප්‍රදර්ශනය මගින් අපේ රට දියුණු වෙනවා (දී)

:       0       0

අජිත් Monday, 25 March 2013 11:48 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සමීර Monday, 25 March 2013 05:02 PM

අපේ සුභ පැතුම් (දී)

:       0       0

සමීර Monday, 25 March 2013 05:01 PM

දැයට කිරුළ අ‍පේ බෙල්ලට තොණ්ඩුව... (නි)

:       0       0

ශ්‍රී Sunday, 24 March 2013 09:32 PM

දයට  කිරුළ  වෙනුවෙන්  විශාල  වශයෙන්  ගස්  කැපෙන  එක  නම් මට අනුමත  කළ  නොහැකියි. (නි) 

:       0       0

අජිත් Sunday, 24 March 2013 10:04 AM

දිල්රූ, තෙල් මිළ නෙමෙයි. අවසන් වුනාට පස්සේ ඔය තොරන් යටින් යන්න එපා.(නදී)

:       0       0

කසුන් Saturday, 23 March 2013 10:06 PM

කිරුල කෙසේ වෙතත් බඩු මිල වැඩිවීමේ "තොන්ඩුව" නම් වැටෙනවා අපිට. (නි)

:       0       0

නිත්‍යා Saturday, 23 March 2013 12:59 PM

කොහොම කොහොම හරි සංවර්ධනය වෙනවානම් (ස)

:       0       0

වීරසේකරගේ Sunday, 17 March 2013 02:58 PM

කොමිස් මුදල සියයට පහද විස්සද?(නදී)

:       0       0

අමිල Saturday, 23 March 2013 07:10 AM

මට දෙසේතර නෝනව මතක් වුනා.(නදී)

:       0       0

දිල්රු Friday, 22 March 2013 07:41 PM

ඕක අවසන් වුණායින් පස්සේ තෙල් මිළ ඉහළ යයිද? (නි)

:       0       0

චන්න Wednesday, 20 March 2013 06:54 PM

දැයට කිරුළට සුභපැතුම් (දී)

:       0       0

සේනායා Wednesday, 20 March 2013 08:43 AM

ඉතා හොදයි (දී)

:       0       0

ශාන්ත Tuesday, 19 March 2013 03:41 PM

ලංකාව දැන් හරි දියුනුයි (දී)

:       0       0

වරුණ Tuesday, 19 March 2013 03:20 PM

සුභපැතුම් (දී)

:       0       0

සිරිපාල Tuesday, 19 March 2013 01:38 PM

කලින් කිරුළ තිබුණ බුත්තල දැන් කොච්චර දියුණුද? (නි)

:       0       0

ශම්මි Tuesday, 19 March 2013 12:58 PM

ජනාධිපති තුමාට බොහොම ස්තුති අපිට මෙවන් දේවල් ලබා දෙනවට (දී)

:       0       0

පිටිගල-මිලානෝ Monday, 18 March 2013 11:30 PM

දැයට කිරුල, නමුත් බඩු මිළ දැක්කම රටටම තොප්පිය.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 March 2013 11:09 PM

දැයට කිරුල කෙසේ වෙතත් මේ බඩුමිළ ඉහල යන විදියට අපිට ඉදිරියෙදි දකින්න ලැබෙන්නේ බඩ ගෙඩිය ඉදිරියට නෙරලා ආරපු මන්ද පෝෂිත දරු පරමිපරාවක්.(නදී)

:       0       0

කීර්ති Monday, 18 March 2013 11:07 PM

වීරසේකරගේ, ඔය මොනවා කතා කළත් සියයට අසූවක්ම ගසා කනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site