(සුජිත් හේවාජූලිගේ)
දේශීය අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අල කිලෝවක් රුපියල් 95 බැගින් අල මෙට්‍රික් ටොන් 200 ක් සමූපකාර පාරිභෝගික සංගමය මගින් අනිද්දා (21) සිට මිලදී ගැනීමට තීරණය කර ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ‘ලංකාදීපය’ට පැවසීය.
මේ මිලදී ගැනීම් සතියේ දින හයක් සිදුවන බව කී ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය කෙරෙන ගබඩා පහසුකම් සමූපකාර පාරිභෝගික සංගමය නොමිලේ සපයා දෙන බව ද ප්‍රකාශ කළේය.
ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා මෙසේ ද කීය.
“දේශීය අල ගොවියා රැක ගැනීම සඳහා ආනයනික අර්තාපල් වෙනුවෙන් බද්දක් පවන්න කියලා මම ජීවන වියදම් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කළා. පසුව එය රුපියල් හතළිහක් ලෙස තීරණය වුණා. මේ තත්ත්වය පවතිද්දී සැප්තැම්බරයේ අල ඵලදාව ගැනීමේදී මිල පහත වැටුණා. අල ගොවීන්ගේ විරෝධතා මතුවුණේ මේ නිසයි.
ඉවක් බවක් නැතිව අල පිටරටින් ගෙන්වීම නවතා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගෙන්වන්න කියලා අප මුදල් කෘෂිකර්ම හා වෙළඳ අමාත්‍යංශ වලින් දැනටමත් ඉල්ලීමක් කරලා තියෙන්නේ.
අල කිලෝවක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල අඩුකර ගැනීමටත් අල ගොවියාට සහනදායී ක්‍රමයට අල බීජ සැපයීමටත් රජය අවධානය යොමුකරලා තියෙනවා. අල ගොවීන්ට කෘෂි රසායන හා පොහොර සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව කෝප්ෆෙඩ් ආයතනය අප සමඟ පැවසුවා” යැයි ද සමරවීර මහතා කීය.
දේශිය අල කිලෝවක් රුපියල් 95 ට මිලදී ගැනීමේ තිරණයක්