ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස නොවැම්බර් මාසයේදී 4.1%ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම බැංකුව කියයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙලෙස මතුපිට උද්ධමනය ගණනය කරනු ලැබේ.
ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ 10.3%ක් වූ බවත් එය දෙසැම්බර් මාසයේදී 9.2%ක් දක්වා පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේ වුවත් ආහාර නොවන කාණ්ඩායේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 1.6%ක පැවැති බවත් එය දෙසැම්බර් මාසයේදී 2.0%ක් දක්වා ඉහළ ගිය බවත් එම බැංකුව කියයි.
055
දෙසැම්බරයේ උද්ධමනය ඉහළට