චීනයේ ප්‍රදානයක් ලෙස, කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ, සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ඉදිවීමට නියමිත බවත්, මෙය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලටත් වඩා විශාල ගොඩනැගිල්ලක් වනු ඇති බවත් පැවැසෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුරේ ඇති කරගත් එකඟතාවකට අනුව පෝට් සිටි කේන්ද්‍ර කොට ගනිමින් මෙම සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල ඉදිවනු ඇති බවත් එමගින් රටට ඩොලර් ගලා එනු ඇති බවත් සඳහන්ය.
නව සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති බවත්, එය වර්ග මීටර් 20,000 - 30,000 ක් ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් බවත්, ආසන 3,000කින් යුත් ශ්‍රවණාගාරයක්, ආසන 4,000 කින් යුත් බහුකාර්ය ශාලා සහ රැස්වීම් කාමර පමණක් නොව, විවේකාගාර ද ඊට ඇතුළත් වනු ඇති බවත් පැවැසෙයි. ඊට අමතරව, ප්‍රධාන පෙළේ හෝටල්වල ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාමර 400 සිට 450 දක්වා ඉදිවනු ඇති බවත් පැවැසෙයි.
විදෙස් ඇමැති විජිත හේරත් මහතා ද මේ සම්බන්ධයෙන් රූපවාහිනී දේශපාලන වැඩසටහනක් අතරතුරේ තහවුරු කළේය.
පෝට් සිටියට චීනයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්