IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


පීපල්ස් ලීසිං රු. බි. 10 ක ණයකරයට CSE අනුමැතිය

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 10ක මුදලක් රැස් කරගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති ණයකර නිකුතුව, එම හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සඳහාද අනුමැතිය හිමි වූ බව පවසයි. මෙම නිකුතුව ලබන සැප්තැම්බර් 23 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කිරිමට නියමිතය.

මෙම නිකුතුව යටතේ පළමුවෙන්ම ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. ඒ සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරෙන බවත් පවසයි. ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 10කි.

වසර පහකින් කල් පිරෙන මෙම ණයකර නිකුතුව සඳහා වාර්ෂිකව ගෙවනු ලබන සියයට 13.75ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වෙයි.



අදහස් (0)

පීපල්ස් ලීසිං රු. බි. 10 ක ණයකරයට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site