IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


පීපල්ස් ලීසිං සමාගමට නැවත වරක් ගෞරවනීය සම්මාන දෙකක්

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීම සඳහා වු zCMA Excellence in Integrated Reporting Awards  2022 සම්මාන උළෙලේ’ ප්‍රධාන සම්මාන 2 ක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කළමනාකරණ ගණකාධිකාරි ආයතනයක් වන ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කර ලද මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය අටවැනි වරට කොළඹ ටාඡ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

මෙවර පීපල්ස් ලීසිං සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවේ තේමාව වූයේ සාර්ථකත්වයේ සබැඳියාවයි (Linked). ඒ අනුව සමාගමේ 9වැනි සමෝධානික වාර්ෂික වාර්තාව තිරසාරත්වයේ මූලික කරුණුද පවත්වා ගනිමින්  ඩිජිටල්කරණයද සමඟ සිය සමාගමේ සන්නාමය පුළුල් කිරීමේ මෙහෙවර උදෙසා මෙවර සමාගමේ උපාය මාර්ගය විදහා දක්වයි.  

zCMA Excellence in Integrated Reporting Awards  2022 දී පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව රජය සතු ව්‍යවසාය සමාගම්, මූල්‍ය සහ ලීසිං අංශයේ  හොඳම සමෝධානික වාර්තාව සහ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. අභියෝගකාරී ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය හා සමාජ වගකීම් පවත්වාගෙන යාමට සමාගම දරන උත්සාහය, අඛණ්ඩව වාර්ෂික වාර්තාව සඳහා ලැබෙන දේශීය හා ජාත්‍යන්තර සම්මාන තුළින් මනාව පිළිබිඹුවේ. මෙම ක්ෂේත්‍රවල පවතින ප්‍රමිති අනුගමනය කරමින් කටයුතු කිරීමට සමාගම ගන්නා වූ  කැපවීමද තවදුරටත් මෙම සම්මානවලින් සනාථ වේ.

595



අදහස් (0)

පීපල්ස් ලීසිං සමාගමට නැවත වරක් ගෞරවනීය සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site