IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පෙබරවාරියේ තේ විකුණුම් මිල පහළට

පසුගිය පෙබරවාරි මාසයේ ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල්  1,168.93 ( ඇමෙරිකානු ඩොලර් 3.96) ක් ලෙස සටහන් වූ බවත් එය ජනවාරි මාසයට සාපේක්ෂව රුපියල් 16 ( ඇමෙරිකානු ඩොලර් 0.07)ක පහළ යාමක් බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් ප්‍රකාශ කළේය.
ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රුපියල් 1,320.71 ක් ලෙස සටහන් වූ බවත් එයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 151.78 කින් පහළ ගොස් ඇති බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් පැවැසුවේය.
මෙම වසරේ මේ දක්වා ජාතික තේ විකුණුම් මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 1,177.35 ( ඇමෙරිකානු ඩොලර් 4) ක්  ලෙස සටහන් වන බවත් එය පසුගිය වසරේ මීට සමාන කාලය හා සසඳන විට රුපියල් 116 (ඇමෙරිකානු  ඩොලර් 0.11) ක මිල පහළ යෑමක් බවත් ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරව්කරුවන් ප්‍රකාශ කළේය. 



අදහස් (0)

පෙබරවාරියේ තේ විකුණුම් මිල පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site