
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික වශයෙන් ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීම අරමුණින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල් ගොඩැල්ල හා වාන්ඇල නැගෙනහිර යන ග්‍රාමයන්හි ප්‍රතිලාභී පුද්ගලයන් 25 දෙනකුට කුකුල් පාලනය සඳහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය හා කුකුළන් ලබාදීම එම ග්‍රාමිය ප්‍රදේශය වලදි සිදු කෙරිණි.
කන්තලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.ඩී එම්.ඒ.ඩී ස්වර්ණා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ කුකුල් පාලනය සඳහා වන කුකුළු කූඩු ඉදිකර ගැනීම සඳහා ඉදි කිරීම් අමුද්‍රව්‍ය, කුකුල් කූඩු දැල්, සිමෙන්ති, කුකුළන් ආදිය මෙලෙස බෙදා දීම සිදු කෙරිණි.
මේ අනුව පන්සල් ගොඩැල්ල ග්‍රාමයේ ප්‍රතිලාභීන් 10 දෙනකුට සහ වාන්ඇළ නැගෙනහිර ග්‍රාමයේ ප්‍රතිලාභීන් 15 දෙනකුට ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ යටතේ කුකුල් පාලනයට අවශ්‍ය මෙම කුකුළන් සහ අමුද්‍රව්‍ය ලබාදීම මෙලෙස සිදු කෙරිණි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට සහ පවුල් ඒකක සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියෙන් මනා පිටිවහලක් ලැබෙන බව ප්‍රාදේශීය ලේකම්වරිය පැවසීය.
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනෙන් කුකුළු පාලනයට පහසුකම්