IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


පාරට උඩින් පාරක්

පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන ‘‘ගුවන්‘‘ අධිවේගී මාර්ගයක මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පොළවින් ඉහළට ඔසවා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයෙන් රථවාහන තදබද අවම කර ගමන් කාලය ඉතිරි කර ගැනීම අරමුණු කෙරේ.

පාලමේ මූලික කටයුතු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් මාර්ග සංවර්ධන අධිකාරිය හා ඕස්ට්‍රේලියාවේ එච්.ඒ.එස්.එස් සමූහය අතර අත්සන් තැබීමට නියමිතය.

ව්‍යාපෘතියේ එක් අංගයක් වන කැළණි ගඟ හරහා ඉදිකෙරෙන අලූත් පාලමේ කටයුතු ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) යටතේ වෙනම ක්‍රියාවට නැංවේ.

අධිවේගී මාර්ගය පිළිඹඳ සැළැස්ම මේ වන විට අධ්‍යනය කර සහතික කරද අවසන් අතර ඒ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ ආසියා සංවර්ධන බැංකුවයි.



අදහස් (0)

පාරට උඩින් පාරක්

අජිත් කරුණාරත්න Thursday, 16 October 2014 02:37 AM

මේ ගුවන් මාර්ගය හදන එක ඉතා අවශ්‍ය දෙයක්. ඒ වගේම හැකි ඉක්මනින් කඩුවෙල මංසන්දියට ගුවන් පාලමක් හදලා දුන්නොත් ඉතා වටිනවා.උදේට සවසට මෙම හන්දියේ ඇතිවන වාහන තදබදය නිසා නව නුවර පාරේ සහ කැලණිය දෙස සිට එන වාහන, බියගම බණ්ඩාරවත්ත හන්දියේ සිට බත්තරමුල්ල දෙස සිට එන වාහන, පිට්ටුගල ප්‍රදේශයේ සිට කොළඹ පහළ පාරේ එන වාහන, වැලිවිට හේවාගම සිට සහ රත්නපුර, අවිස්සාවේල්ල දෙස සිට එන වාහන බෝමිරිය වෙලේ හන්දිය ප්‍රදේශයේ සිට නතරකරගෙන විනාඩි 45 ක් පැයක් පමණ ඉන්න වෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 October 2014 02:42 AM

හොඳ වැඩක්. ඉක්මනින් නිම කරන්න. ඒවගේම කඩුවෙල හතරමං හන්දියටත් ගුවන් පාලමක් හදලා දෙන්න. උදේට සවසට මෙම හන්දිය පසුකරන්න විනාඩි 45 ක් පැයක් පමණ ගතවෙනවා. එතරම් වාහන තදබදයක් තියෙන්නේ. (නි)

:       0       0

දුනිදු Thursday, 16 October 2014 10:05 AM

ඉක්මනින් වෙනවනම් හොදයි.(හේ)

:       0       0

රූපා Thursday, 16 October 2014 10:05 AM

ඒකනම් හොද වැඩක්.(හේ)

:       0       0

අමර දත්ත Wednesday, 15 October 2014 07:10 AM

දයා අලහකෝන් ,මේ පාළම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ 10000 මේක යට හදන්න පුළුවන් , කොහොමද අපේ වැඩ ?(දිල්)

:       0       0

අමර Wednesday, 15 October 2014 07:10 AM

මේ පාලම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ.(හේ)

:       0       0

සුජිත් Friday, 17 October 2014 11:12 AM

මෙවගේ ප්‍රතිථල ගන්න නම් අපේ ජනාධිපති තුමාට තව කාලයක් දෙන් ඔනේ (අ)

:       0       0

චින්තක Wednesday, 15 October 2014 07:16 AM

තදබදය නැති කරන්න පොදු ප්‍රවාහනය දියුණු කළානම් තව පාරවල් ඔය තරම් ඕන වෙන්නේ නෑ නේද?(හේ)

:       0       0

දිලිනි Friday, 17 October 2014 01:54 AM

ඇතුල්කෝට්ටේ හන්දියෙත් එකම තදබදයක්. ඒකටත් පිළියමක් යෙදුවොත් හොඳයි. (නි)

:       0       0

ඉසාක් Friday, 17 October 2014 01:54 AM

ඉතා හොඳ කටයුත්තක් (නි)

:       0       0

අකිත Thursday, 16 October 2014 11:59 AM

ඉක්මනින් හැදුවා වගේ නෙමෙයි ඉක්මිනින් බිම වැටෙයි.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනට පෑලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. (ස)

:       0       0

අකිල Thursday, 16 October 2014 12:00 PM

ගෙන තියෙන තීරණය ඉතාමත් වැදගත් තීරණයක්.(හේ)

:       0       0

ධම්මික Thursday, 16 October 2014 12:00 PM

ඇත්තටම හොද දෙයක්.(හේ)

:       0       0

දර්ශන Thursday, 16 October 2014 12:00 PM

මේ දේ නිසා ජනතාවට පහසුවක්.(හේ)

:       0       0

නදිෂාන් Thursday, 16 October 2014 12:00 PM

හැදුවා වගේ නෙවෙයි අනතුරු වැඩි වෙනකොට.(හේ)

:       0       0

නාමල් Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න.(හේ)

:       0       0

ධනුක Thursday, 16 October 2014 12:00 PM

සුබ අනාගතයක්.(හේ)

:       0       0

නලින් Thursday, 16 October 2014 12:00 PM

ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! (හේ)

:       0       0

දුමින්ද Thursday, 16 October 2014 12:00 PM

ලොකු දෙයක්.(හේ)

:       0       0

සුමේධ Thursday, 16 October 2014 12:00 PM

මේ නිසා ඉක්මනින් යන්න පුළුවන්.(හේ)

:       0       0

මිනුර Thursday, 16 October 2014 12:00 PM

ඉතාමත් කාලෝචිත වැඩක්.(හේ)

:       0       0

වික්‍රම් Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනටම පැලියගොඩ සැහෙන තදබදයක් තියෙනවා.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනට පැලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. පොදු ප්‍රවාහන සේවය දියුණු කළා නම් තවත් තදබදය අඩු වෙනවා. වෙලාවට දුම්රිය, බස් ධාවනය කළා නම්, ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! සුබ අනාගතයක්.(හේ)

:       0       0

දර්ශන Thursday, 16 October 2014 12:04 PM

පුළුවන් නම් තව තැන් කීහිපයක මේ වගේ තැන් හැදුවානම් නරකද?(හේ)

:       0       0

රත්න Thursday, 16 October 2014 12:04 PM

මේක හැදුනම කට්ටිය ඉක්මනට යයි.(හේ)

:       0       0

නදීර Thursday, 16 October 2014 12:04 PM

සාර්ථක වේවා. ඉක්මනින් ඉදිවේවා.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:04 PM

ඉතා හොඳයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 15 October 2014 10:42 AM

පාළම හැදුනම අපේ අය තවත් වාහන වලින් ඉගිල්ලෙන්න යයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:42 AM

පාලම හදන එකනම් හොදයි.ඒත් අනතුරු වැඩි වෙයි.(හේ)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:42 AM

අපගේ රියදුරු මහත්ම මහත්මීන්ගේ මාර්ග නීති හා විනය තව හොඳ වෙන්න වෙයි ඔය වගේ මාර්ග පාවිච්චි කරන්න.(හේ)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:47 AM

අපේ රියදුරන්ගේ විනය හදන්නේ නැතුව මාර්ග හැදුවට වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

උපාලි Thursday, 16 October 2014 06:12 AM

දිනපතා වැඩිවන වාහන තදබදයට මෙය ඉතා හොඳ විසදුමක් වේවි. පාරවල් වල කාපට් කන්නද කියන මිනිසුන් මෙයටද උඩින් පාරවල් කන්නද කියා අසාවි. (ස)

:       0       0

කෝලිත Thursday, 16 October 2014 06:19 AM

ඔය පාරවල් වල කාපට් කන්නද. උඩින් පාරවල් කන්නද .සංවර්ධනේ කන්නද. (ස)

:       0       0

ශාන් Wednesday, 15 October 2014 04:35 PM

රත්නපුර නගරය මගහැර යන්න පුලුවන් පුළුල් මාර්ගයකුත් ඉතා වැදගත්.(හේ)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:10 AM

පුදුමයි චීනය ගාවාගත්තේ නැති එක (නි)

:       0       0

දිසානායක Saturday, 18 October 2014 09:48 AM

කොච්චර හයිවේ හැදුවත් වැඩක් නැහැ. ඒ වගේ යන්න සල්ලි ගන්න නිසා පොඩි මිනිස්සු යන්නේ සාමාන්‍ය පාරවල් වලම තමා (නදී)

:       0       0

රංජන් Tuesday, 14 October 2014 10:35 AM

මේ පාලම ඉදිකිිරීම තුළින් වාහන තදබදයට හොද විසදුමක් ලබා ගත හැකි වෙයි.(හේ)

:       0       0

රංජන් Tuesday, 14 October 2014 10:36 AM

ලොකු දෙයක්.ඉක්මනටම කරන්න.(හේ)

:       0       0

සුනේත්‍රා Tuesday, 14 October 2014 10:38 AM

ශ්‍රී ලංකාවට අවශ්‍ය වනුයේ අධිවේගී මාර්ග නොව ඉතා හොඳ පොදු ප්‍රවාහන පද්ධතියකි. එමගින් දැනට පාරවල්වල ඇති පුද්ගලික වාහන ගණන අඩකින්වත් අඩුකරගත හැකි අතර වැඩිපුර හෝ විශාල මාර්ගවල අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. (නි)

:       0       0

ඇන්ජෙලෝ Wednesday, 15 October 2014 02:39 AM

කොච්චර පාරවල් හැදුවත් විනයක් නැති රියැදුරන් ඉන්න රටක තදබදය අඩුවක් නොමැත (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 15 October 2014 06:35 PM

මෙම වැඩසටහන ඉතාමත්ම හොඳයි. නමුත් උමං දුම්රිය හා වාහන මාර්ග පද්ධතියකට කොළඹ නගරය සකසාලීම අනාගත ප්‍රවාහන සැළැස්මකට රුකුලක් වේවි නේද? (නි)

:       0       0

සමන්ජය Tuesday, 14 October 2014 11:33 AM

මෙය කොළඹ නගරයේ වාහන තද බදයට ඉතාම හොඳ විසදුමක්. ඉතා ඉක්මනින් අවසන් කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

බන්දු කරාපිටිය Wednesday, 15 October 2014 08:00 PM

කිසිදා පිටරටකට පයගසා නැති,මෙවැනි මාර්ග දැකලා නැති කෙනෙක් කියනවා පාලම යට ගෙවල් හදන්න පුළුවන් කියලා....? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 October 2014 12:25 PM

සංවර්ධනය හොඳයි. නමුත් හිසට වහළක් නැති අසරණ පවුල් කීයක් නම් සිටීද? මේවා ගැනත් අවධානය යොමුකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site