IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පරාටේ නීතියෙන් අර්බුදයට ගිය ව්‍යාපාරවලට තවත් සහන

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ 


පරාටේ නීතිය හරහා අර්බුදයට පත් වූ දේශීය ව්‍යාපාර සඳහා  තවත් සහන ක්‍රියාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කර්මාන්තකරුවන් 20000ක් ගැන බැංකු සමග සාකච්ඡා කොට ඔවුන්ට අත දෙන්නට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. අයි.ටී කර්මාන්තය සහ අනෙක් කර්මාන්ත සඳහා ප්‍රාග්ධන අරමුදලක් නිර්මාණය කරනවා. අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න සැකසූ පළමු අයවැය ලෙස මේ අයවැය හඳුන්වන්න පුළුවන්.  කර්මාන්ත වල  ඉඩම් ගැටලු‍ව විසඳීමට අප යෝජනා ඉදිරිපත් කර තිබෙනවා ප්‍රාග්ධන ගැටලු‍වට විසඳුම් ලබා දී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, වෙළෙඳපොළ අහිමි වූ ව්‍යාපාරිකයන්ට වෙෙළඳපොළ සැපයීමටත්, අවශ්‍ය පර් යේෂණ දත්ත ලබාදීමටත් සහතිකකරණය සහ පර් යේෂණ මෙන්ම කුසලතා සංවර්ධනය සඳහාත් බිලියන 16ක මුදලක් වෙන්කර තිබෙනවා.

මේ රටේ ව්‍යවසායකත්වය කර්මාන්තවලට සහාය දෙන්නේ කෙසේද යන්න පිළිබඳව වන ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා විශ්වවිද්‍යාල සමග එක්ව අප සාකච්ඡා කරමින් සිටිනවා. මැණික් හා ස්වර්ණාභරණ  කර්මාන්තයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒ සඳහාත් වෙනස්කම් සාකච්ඡා කරමින් ඉන්නවා.



අදහස් (0)

පරාටේ නීතියෙන් අර්බුදයට ගිය ව්‍යාපාරවලට තවත් සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site