IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොරොන්දු කඩකළ අයවැයක්

විමුක්ති එස් රුද්‍රිගු


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකදී ප්‍රකාශ කළාය.

රජය ලබාදුන් පොරොන්දු කිසිවක් අයවැය මගින් ලබාදී නොමැති බවත් ජාතික ජන බලවේග රජය බොහෝ පොරොන්දු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදුන් බවත් ඇය පැවැසුවාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සන්සුන්ව ඉවසිලිවන්තව සිටින ලෙස ප්‍රකාශ කළත් එසේ කරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බව ඇය ප්‍රකාශ කළාය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සියලු‍දේ කැපකර ඇති බවත් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට ඔවුන් සටන් කරනු ඇති බවත් අබේසුන්දර මහත්මිය පැවැසුවාය. එහෙත් රජය මෙම අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමණෙ ව්‍යවසායකයන්ට හුස්ම ගැනීමට කිසිඳු ඉඩක් ලබාදී නැතැයි ඇය පෙන්වා දුන්නාය.

 



අදහස් (0)

පොරොන්දු කඩකළ අයවැයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site