IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


පාරිභෝගික අධිකාරිය ගමින් ගමට යයි

තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.

 
 “විශ්වාසදායී සුහුරු නිෂ්පාදන” තේමාව පදනම් කරගනිමින්  මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ඇරඹෙන මෙම වැඩසටහන මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
 
 කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 
 
තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, “ස්මාට් නිෂ්පාදන” පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙම ද වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.
 
(63226)

 



අදහස් (1)

පාරිභෝගික අධිකාරිය ගමින් ගමට යයි

ravi Tuesday, 19 March 2019 02:47 AM

ගමින් ගමට යන එක හොදයි. ඊට ඉස්සර යල් පැනපු නීති අලුත් කරන්න, පාරිබෝගික අධිකාරියට ඇල්ලුවට හපන්න බැරි තියරියක් තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site