විමුක්ති එස් රුද්‍රිගු
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවැති රැස්වීමේදී තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
වත්මන් හා අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. මැදි කාලීනව උද්ධමනය සියයට 5 ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය වීමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එම තීරණයට එළැඹ තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කළේය. පෙර පුරෝකථනය කර ඇති පරිදි දැනට පවතින අවධමන තත්වය ප්‍රධාන වශයෙන් බලශක්තිය සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ යෑමේ ප්‍රතිඵලයක් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇතැයි මහ බැංකුව පැවැසුවේය.
පොලී අනුපාත වෙනසක් නෑ