IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


පොල් ගස් විනාශයෙන් වසරකට ගෙඩි මිලියන 1000ක හිගයක්

(ශිරාන් රණසිංහ)
පොල් ගස් විනාශය නිසා වසරකට පොල්ගෙඩි මිලියන 1000ක පමණ හිගයක් මතුව ඇතැයි පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.

පසුගිය කාලයේ ඇති වු පොල් හිඟය මගහරවා ගැනීමට පොල් ආනයනය කිරීමට සිදු වු බවත් මේ වනවිට  රටට වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3700 ක් අවශ්‍ය වුවද රටේ ඵලදාව මිලියන 2700 ක් පමණ බවද ඒ මහතා කියා සිටියේය.


පොල් ගසත් කොස්, දෙල් සහ තල් මෙන් කපා දැමීම තහනම් කරමින්  ගස් හෙලීමේ පනතට ඇතුළත් කරන ලෙසද එම එකමුතුව වැවලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.



අදහස් (4)

පොල් ගස් විනාශයෙන් වසරකට ගෙඩි මිලියන 1000ක හිගයක්

Perakum Tuesday, 24 July 2018 09:56 AM

ලංකාවේ පොල් කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය ආයතන කීයක් තියනවද. අපේ බදු මුදලින් සැප විඳින ඒගොල්ල තාම නිදිද?

:       0       63

Bandara Thursday, 26 July 2018 01:44 PM

ගස් කැපීම තහනම් කිරීම මෝඩකමක් එවිට වන්නේ ගස් වගා කිරීමට මැලි වීමයි ගස් නිකන් කපන් නැහැ. කලක් යනකොට ඵලදාව අඩු වෙනවා

:       0       3

somapala Thursday, 26 July 2018 11:54 PM

පොල් ඉඩම් බෙදා විකිණීම නවත්වන්න නීති ඉතා අවශ්‍යයි.

:       0       0

චතුර මධුසංක Friday, 27 July 2018 04:23 PM

අඩු කාලයකින් ඵල හටගන්නා පොල් පැල ජනතාවට ඉතා අඩු මුදලකට ලබා දිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site