IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


බැංකු දෙක එක් කරන්න කතා

එන්.ඩි.බී බැංකුව හා ඞී.එෆ්.සී.සී බැංකුව එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බව එම බැංකු වල සභාපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

බැංකු දෙකෙහි එකතු වීම රජයේ ආර්ථික ප‍්‍රතිපත්තීන් මත පිහිටා සිදුරන්නක් බව එම නිවේදනයේ දැක්වේ.ආයතනයන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙසේ එකම ව්‍යුහයන් ඇති ආයතනයන් එකට එක් කර එක් ආයතනයක් ලෙස කි‍්‍රයාවට නැංවීම යෝග්‍ය වන්නේ යැයි රජයේ අදහසයි.

කෙසේ වෙතත් එවන් එක් කිරීමක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නිවේදනයේ සදහන්ය.කුමන තීරණය ගත්තද එය බැංකු වල සේවකයින්ගේ,තැන්පත්කරුවන්ගේ හා කොටස් හිමියන්ගේ හිතසුව පළමු කොට සළකාම ගනු ලබන බව නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

බැංකු දෙක එක් කරන්න කතා

සෑම් Monday, 13 January 2014 02:21 PM

හරියට ශ්‍රී ලන්කන් එකයි මිහින් එයාර් එකයි එකතු කලා වගේ තියේවි. (නදී)

:       0       0

මන්ජා Monday, 13 January 2014 06:42 PM

කඩන් වැටෙනවාට වඩා මෙය හොඳ තීරණයකි (දිල්)

:       0       0

වර්ණසිංහ Wednesday, 15 January 2014 05:26 PM

සභාපති වරු දෙදෙනාගෙන් ඉන්නේ කව්ද යන්නේ කව්ද(දී)

:       0       0

ලලිත් Sunday, 19 January 2014 07:26 AM

ඒ අදහස හොඳයි. එහෙම කලොත් සෑහෙන්න වියදම් අඩුකරගන්න පුළුවන්.(නදී)

:       0       0

ලංකා Monday, 27 January 2014 03:37 PM

පිටරටින් ණය ගන්න දාන උප්පරවැට්ටියක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site