IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බදු අපරාධ විමර්ශන ඒකකයක්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව තුළ වංචා හා දූෂණ අවම කිරීමට ගන්නා උත්සාහයේ කොටසක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු අපරාධ විමර්ශනය කිරීම සඳහා ඒකකයක් පිහිටවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක දැක්වේ.

සාමාන්‍ය විගණන කාර්යයන්ගෙන් පරිබාහිරව මෙම බදු අපරාධ විමර්ශන ඒකකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පිහිටවනු ඇති බවත් එය පෙබරවාරි මාසය අවසන් වනවිට පිහිටුවා අවසන් කරනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් එම බදු අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට පිහිටුවා අවසන්ද යන්න පිළිබඳව පැහැදිලි සටහනක් එම වාර්තාවට ඇතුළත් නොවේ.

එසේම ඩිජිටල්කරණය වංචා හා දූෂණ අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තවත් එක් ක්‍රියාමාර්ගයක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. 

 



අදහස් (0)

බදු අපරාධ විමර්ශන ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site