IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් සකසයි

අලු‍ත්ගම තුසිත කුමාර ද සිල්වා


බ්‍රවුන්ස් හෝටල් සමූහයට අයත් බෙන්තොට තාල සංචාරක හෝටලය එළැඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් එම හෝටලයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිළිගැන්වීමට කිලෝ සියයකට ආසන්න නත්තල් කේක් ගෙඩියක් සැකසීමට අවශ්‍ය මිශ්‍රණය සැකසීම විදේශීය සංචාරකයන්ගේද සහභාගිත්වයෙන් එම හෝටල් පරිශ්‍රයේදී ඉකුත්දා සිදුකෙරිණ.

බ්‍රවුන්ස් හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී එක්සත් විජයරත්න මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් තාල බෙන්තොට හෝටල් සහකාර කළමනාකාර දිළින මෙන්ඩිස්, සූපවේදී නාලක ජිනේද්‍ර ඇතුළු අංශභාර කළමනාකරුවන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

දෙස් විදෙස් නේවාසික සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීමට එක්ව සිටි අතර මෙලෙස මිශ්‍රණය කළ නත්තල් කේක් එළැඹෙන දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ අමුත්තන්ට රස බැලීමට අවස්ථාව ලබා දෙන බව සූපවේදී නාලක ජිනේන්ද්‍ර මහතා පැවසීය.



අදහස් (0)

බෙන්තොට තාල හෝටලයේ නත්තල් කේක් සකසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site