හේමාස් මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වැනි සංවත්සරය පසුගිය දා සමරන ලදී.
දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය සන්නාමයක් වන බේබි ෂෙරමි, සිය නිෂ්පාදන මාලදිවයින, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරයි.
හේමාස් මැනුෆැක්චරින් සමාගම 1962 වසරේ දී මුලින්ම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් ළදරු නිෂ්පාදනය ලෙස බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් නිෂ්පාදනය හඳුන්වා දිය හැක. බේබි ෂෙරමි ඕඩි කොලොන්ග් සමඟින් ගමන් ඇරඹූ බේබි ෂෙරමි සන්නාමය වර්තමානය වන විට ළදරු සබන්, ක්‍රීම් සහ ලෝෂන්, ළදරු සනීපාරක්ෂක උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් තුළ විහිදී ඇත.
බේබි ෂෙරමි විසින් මෑතක දී නිකුත් කරන ලද ළදරු සබන්, ළදරු ලෝෂන් සහ ළදරු කොලොන්ග් සහිත ශාකසාර නිෂ්පාදන පෙළ සියයට සියයක් ‘ස්වාභාවික අමුද්‍රව්‍ය‘ යොදා නිෂ්පාදනය කරන බව ද එම සමාගම සඳහන් කරයි.
බේබි ෂෙරමි සන්නාමයේ ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆලි මහතා මෙසේ පැවැසීය. ”ආදරය සහ විශ්වාසය වටා ගොඩ නැගුණු උරුමය සමඟින් බේබි ෂෙරමි 60වැනි සංවත්සරය අපි සමරන්නේ මහත් ආඩම්බරයෙන්. ළදරු වියේදී මවුවරුන්ට තම දරුවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ සුව පහසුව සැලසීම වෙනුවෙන් උපකාර කිරීමේ දැක්මකින් යුතුව අපගේ ගමන ආරම්භ වුණා. අද අපි ආපසු හැරී බලන විට, ඔවුන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමෙන් පමණක් නොව, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකේය මවුවරුන් දැනුවත් කිරීම සඳහා අපගේ සන්නාමය ලබා දී තිබෙන දායකත්වයෙන් අපගේ අරමුණ සැබෑවක් බවට පත්ව තිබීම ගැන මම ආඩම්බර වෙනවා. වසර ගණනාවක් පුරා මවුවරුන්ගේ විශ්වාසය සහ හොඳ හිත දිනා ගනිමින් අපගේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ තත්ත්ව ප්රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සන්නාමය අඛණ්ඩව නව්‍යකරණය සිදු කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස් මැනුෆැක්චරින් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය මෙසේ පැවැසුවාය. “බේබි ෂෙරමි සන්නාමය ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්. දිනෙන් දින වර්ධනය වන අපගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා අප තුළ පවතින ශක්තිය පෙන්නුම් කරනවා. අපි බේබි ෂෙරමි සන්නාමයේ මීළඟ පියවර දියත් කිරීම සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේ ම බේබි ෂෙරමි මේ රටේ දෙමාපියන් සමඟ ශක්තිමත්ව බැඳෙමින් ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙනවා.”
සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීම හා උපාය මාර්ග සැකසීම සම්බන්ධව කීර්තිමත් සමීක්ෂණ ආයතනයක් වන Brand Finance Lanka විසින් නිකුත් කරන ලද LMD හි 2020 හා 2021 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීම මගින් බේබි ෂෙරමි සන්නාමය අඛණ්ඩව වසර 2ක් මෙරට ළදරු සත්කාර නිෂ්පාදන අංශයේ වඩාත් ම ආදරය දිනූ සන්නාමය ලෙස නම් කෙරුණු අතර, එමගින් බේබි ෂෙරමි සන්නාමයේ විශිෂ්ටත්වය මනාව තහවුරු වෙයි.
595
බේබි ෂෙරමි සිය 60 වැනි සංවත්සරය සමරයි
ඉන්දික රුවන් Monday, 14 October 2024 03:58 PM
ගර්භණී මව්වරුන් පිරිසක් සඳහා රසවින්දනාත්මක වැඩසටහනක් සිදු කිරීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දිය හැකිද? පුත්තලම දිස්ත්‍රික්කය...!