ඇන්ජින් අමතර කොටස් නොමැතිකම හේතුවෙන් ගුවන්ගත කිරීමට නොහැකිව තිබුණු ගුවන් යානා තුනක් වෙනුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලධාරීන්, වසර තුනකට මසකට ඩොලර් මිලියන 9 ක් (රුපියල් බිලියන 2.6 ක්) කුලී පදනම මත මුදල් ගෙවා ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉන් එක් ගුවන් යානයක් මේ වන විට භාවිතයට ගෙන ඇති අතර ඉතිරි දෙක අප්‍රේල් මාසය වන විට ක්‍රියාත්මක වනු ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, නව රජය, ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ තීරණය අවලංගු කළ බවත් ව්‍යාපාර සැලැස්මකට අනුව, ගුවන් සේවය ගොඩනැගීමට උත්සාහ ගන්නා බවත්ය.
එමෙන්ම, අභ්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය දියුණු කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය 2023 සහ 2024 වසර සඳහා බිලියන 3 ක මුදලක් ලාබ ලැබීය. එසේ ලාබ ලැබුවේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙනි.
බිම තියන ගුවන් යානා තුනකට මසකට ඩෝ.මි 9 බැගින් වසර තුනක් ගෙවලා