IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


බීර සමාගමටත් බදු සහන

ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්‍යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ.

දෙමාසයකට පෙර මෙම සමාගමේ කම්හල ගංවතුරෙන් යටවීම නිසා රජය මෙම සහනය සලසා ඇත. වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව රජය මේ සහනය සලසා ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මද්‍යසාරවලට අයකරන බදුම මෙම සහනයෙන් එම සමාගමට ලැබේ. මෙම සමාගම නිෂ්පාදනය කරන ලයන් හා කාල්ස්බර්ග් බීර කම්පුචියාව, ලාඕසය, මලයාසියාව හා ඉන්දියාවේද නිෂ්පාදනය කරයි.

5%කට අඩු මද්‍යසාරය අඩංගු බීර ලීටරයක් වෙනුවෙන් අයකරන රේගු බද්ද රුපියල් 500 සිට 129 දක්වා ද (75%) සියයට 5ට වැඩි මද්‍යසාරය අඩංගු බීර ලීටරයකට අය කරන බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත. මෙම සහනය දී ඇත්තේ මෙම සමාගමට පමණක් බවද වාර්තා වේ.

සෙස් බද්ද වරාය හා ගුවන්තොට සංවර්ධන බද්ද ද ඇතුළුව ආනයන බීර ලීටරයක් වෙනුවෙන් අයකරන බද්ද රුපියල් 582කි. පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට රේගු ආඥා පනතින් මුදල් ඇමැතිට බලය හිමිවී ඇත.

ලයන් බ්ලූවරි සමාගමේ ප්‍රධාන විධායක සුරේෂ් ෂා 2015/16 වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ තුන් මාසයක් යනතුරු බීර නිෂ්පාදනය නොකරන බවයි. ගංවතුරු හා ව්‍යාපාර බිඳ වැටීම් වෙනුවෙන් රක්ෂණ ලබාගෙන ඇතැයි ද ඔහුගේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ බීර නිෂ්පාදනයෙන් 85%ක් මෙම සමාගම සතුය.

පසුගිය මැයි මාසයේ ගංවතුරින් පසුව රජය ආනයන භාණ්ඩ 36කට බදු නිදහසක් දුන් බව රේගු නිලධරයෙක් කියයි. එම ලැයිස්තුවට බීර හෝ මද්‍යසාර අඩංගු නොවූ බවද දැනගන්නට ඇත. ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාබයක් ලැබූ බව ඔවුන්ගේ මූල්‍ය වාර්තාවල දැක්වේ.

 



අදහස් (0)

බීර සමාගමටත් බදු සහන

සිරි Sunday, 31 July 2016 09:34 PM

කොහොමද මෙයාලගේ කෙරුවාව? (නි)

:       0       0

ඇසළ Tuesday, 02 August 2016 01:46 AM

සිරි, කිසිම අමුතු කෙරුවාවක් නැහැ මෙතන. (නි)

:       0       0

සංජු Wednesday, 03 August 2016 07:34 AM

මෙය යහපාලනය ලෙස නම් කෙරේ, ගෙවල් යටවුන මිනිසුන්ට සහන නැත කොමිස් ලැබෙන ආයතන වලට සහන ඇත. (බ)

:       0       0

සංජු Wednesday, 03 August 2016 08:06 AM

මෙය යහපාලනය ලෙස නම් කෙරේ, ගෙවල් යටවුන මිනිසුන්ට සහන නැත කොමිස් ලැබෙන ආයතන වලට සහන ඇත. (ම)

:       0       0

ලලිත් Wednesday, 03 August 2016 03:31 PM

රක්ෂණෙන් දුන්න නම් මොකටද තවත් ආණ්ඩුවෙන් දෙන්නේ. කොහොම වුනත් බිර බෝතලයක්වත් නැති රටකට සුද්දෝ විවේක ගන්න එන්නෙත් නැති නිසා ඉක්මනින් බිර ගෙන්නන එකනම් හොඳයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site