IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බිස්නස් හොඳයි වැඩිවීමක් තිබෙනවා: රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ඉෂාඩ්

මනීෂා වීරසිංහ


පාරිභෝගික රුචිකත්වය සහ අතේ ඇති මුදලට විශාල පරාසයක සාරි සහ සල්වාර් ආදිය දෙවැනි හරස්වීදිය සහ ඊට යාබද වීදිවලින්ද මිලදී ගත හැකිය. 
මේ දිනවල රෙදිපිළි වෙළෙදාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී මංගල සාරි, සල්වාර්, ලෙහෙන්ගා රෙදිපිළි ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉෂාඩ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් හොඳයි. ගිය වසරට සාපේක්ෂව මෙවර බිස්නස්වල වැඩිවීමක් වෙලා තියෙනවා. උත්සව සමයත්, වසර අවසානයේ රෙදි පිළිවලට විශේෂ වට්ටම් ලබාදීම නිසා පාරිභෝගිකයන්ගේ පැමිණීමේ වර්ධනයක් තියෙනවා.


Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
පාරිභෝගිකයන්ට තමන්ගේ අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගත හැකි වෙළෙදපොළක් මේ කාල සීමාවේ නිර්මාණය වෙලා තියෙනවා. ආනයනික රෙදි පිළිවල මිල ගණන් අඩුවීමත් එක්ක පසුගිය වර්ෂයට සාපේක්ෂව රෙදිපිළි මිලෙහි අඩුවක් තියෙනවා. වෙළෙඳපොළේ පාරිභෝගිකයාට සිතැඟි පරිදි විවිධ මාදිලියේ රෙදිපිළි තෝරා ගැනීමට හැකියාවක් තියෙනවා වගේම විවිධ මිල පරාස යටතේ රෙදිපිළි මිලදී ගැනීමට අවස්ථා නිර්මාණය වී තිබීම මෙවර වෙළෙඳාම වැඩිවීමට හේතුවක් කියලා මම හිතනවා. මේ පවතින තත්වය ඉදිරියටත් පැවතුණොත් වෙළෙඳාමේ වැඩිවීමක් සිදුවෙයි කියලා හිතනවා. 

ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් හොඳයි වැඩිවීමක් තිබෙනවා: රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ඉෂාඩ්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site