IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


මඩකලපුවේ කජු නිෂ්පාදනයේ පහළ බැසීමක්

(ජවුෆර්කාන්)
 
මඩකලපුව දිස්ත්‍රික්කයේ අධික උෂ්ණත්වය හේතුවෙන් හා වාරික වර්ෂාව නොමැති වීම හේතුවෙනුත් කජු නිෂ්පාදනයේදී  95% ක් පහත බැසීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා කජු සංස්ථාවේ මඩකලපුව දිස්ත්‍රික් කළමනාකරු ටී.ජේ.නිදර්සන් මහතා පවසයි.
 
මෙවර මෙම දිස්ත්‍රික්කයේ අක්කර 8000 ක කජු වගාව වගා කළ නමුත් විශාල අඩු නිෂ්පාදනයේ හේතුවෙන් කජු වගාකරුවන් විශාල අලාභයක් ලබා ඇත.
 
වර්ෂාව නොමැති නිසාත් අධික උෂ්ණත්වය නිසාත් කජු මල් පරවෙන නිසාත් පළතුරු හා ඇට ලබා ගැනීමේදී ගොවීන් විශාල අපහසුතාවයකට මුහුණ දී ඇත.
 
දැනට කජු වගා කාලය ආරම්භ වී ඇති නමුත් ඉතා අඩු පළතුරු නෙලා ගැනීමට හැකි බවත් අනෙක් ඒවා උෂ්නත්වයෙන් පරවී විනාශ වී ඇති බවත් ඔවුහු පවසති.

 



අදහස් (0)

මඩකලපුවේ කජු නිෂ්පාදනයේ පහළ බැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site