IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මාතර වී අස්වැන්නෙන් කිලෝ ලක්ෂ 2ක් පෞද්ගලික අංශයට

(පී. එස්. මද්දුමගේ)

මාතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සහ මෙම වසරේ මහ කන්නයේ වී අස්වැන්නෙන්, මාතර දිසාලේකම් කාර්යාලය මිලට ගෙන ඇති වී කිලෝ 194,600 ක් පෞද්ගලික අංශයට විකිණීමට දිසා ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

තෙතමනය 14%ක් වන හෝ ඊට අඩු, ගල්, වැලි, බොල් රහිත අවපැහැ නොගත් මෙම වී තොගය වෙනත් වී වර්ග මිශ්‍ර නොවූ පිරිසිදු තත්වයේ පවතින බව දිසා ලේකම් කාර්යාලය සඳහන් කරයි.

රතු නාඩු  වී කිලෝ 189,200 ක්ද, සුදු නාඩු වී කිලෝ 4,300 ක්ද, සුදු සම්බා වී කිලෝ 1,100 ක්ද  මිල ගණන් කැඳවා විකිණීමට නියමිතය. වී තොගය මැද්දවත්ත ගබඩා සංකීර්ණයේ  ගබඩා කර ඇත.



අදහස් (0)

මාතර වී අස්වැන්නෙන් කිලෝ ලක්ෂ 2ක් පෞද්ගලික අංශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site