IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මාර්ක්ස්පෙන් සමූහයෙන් දේශීය ආහාර - කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රගතියට ඉහළ දායකත්වයක්


මාර්ක්ස්පෙන් සමූහය, ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවති 23 වැනි “ProFood ProPack & Ag-Biz 2026” ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් ඊට සහභාගී විය.

නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය සහ දේශීය ව්‍යවසායකත්වය එකට යා කිරීම මෙහි ප්‍රධාන අරමුණු කර ගනිමින්, මෙවර ප්‍රදර්ශනය සඳහා මාර්ක්ස්පෙන් සමූහය යටතේ ඇති ප්‍රධාන අංශ තුනක භාණ්ඩ හා සේවා සපයන සමාගම් තුනක් වන Markspen Labels, Markspen Holdings සහ Kanadara Agro  එක්ව සිටියේය. 

DOMA සන්නාමය යටතේ ප්‍රදර්ශනයට එක්කර තිබූ යන්ත්‍ර හා නිෂ්පාදන කටයුතුවලදී අවශ්‍ය බාර්කෝඩ් ලේබල් කිරීමේ පද්ධති, වී කෙටීම, ධාන්‍ය සැකසීම, කල්තබා ගැනීම, ඇසුරුම්කරණය මෙන්ම මාර්ක්ස්පෙන් සමූහයේ නවීන විසඳුම් සහ නිෂ්පාදන පිළිබද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති, අමිල් ගල්අංග මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ProFood ProPack & Ag-Biz’’ කියන්නේ අපට සාමාන්‍ය ප්‍රදර්ශනයක් විතරක් නෙවෙයි. තාක්ෂණය, දේශීය ව්‍යාපාර සහ කෘෂිකර්මාන්තය එක්ව වඩාත් කාර්යක්ෂම, අනාගතයට ගැළපෙන ව්‍යාපාර ගොඩනගන්නේ කොහොමද කියලා පෙන්වන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකාර්මික ආර්ථිකයේ කොඳුනාරටිය බඳු ක්ෂේත්‍රවලට ශක්තියක් වෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා.”‍ 

මෙරට ප්‍රමුඛතම බාර්කෝඩ් සහ කඩදාසි රෝල සැපයුම්කරුවකු වන Markspen Labels, බාර්කෝඩ් ලේබල් පද්ධති, ලේබල් ප්‍රින්ටර්ස්, තර්මල් පේපර් රෝල්ස්,DT, TT, Semi-Gloss  සහ BOPP  ලේබල් වර්ග, රිබන් ඇතුළු මුද්‍රණ උපාංග රැසක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන මෘදුකාංග, බාර්කෝඩ් ප්‍රින්ටර්ස්, POS ටර්මිනල් බාර්කෝඩ් ස්කෑනර්ස් සහ POS ප්‍රින්ටර්ස් ද එහිදී පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීම සිදු කරන ලදී.

 



අදහස් (0)

මාර්ක්ස්පෙන් සමූහයෙන් දේශීය ආහාර - කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රගතියට ඉහළ දායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site