IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මාර්තු පළමු දින 13 ට සංචාරකයෝ 97,322 ක්

ජනවාරි 01 වැනිදා සිට පසුගිය 13 වැනිදා දක්වා පැමිණි සංචාරකයන් ගණන 590,000 ක්

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් 


විමුක්ති එස් රුද්‍රිගු


මෙම මාසයේ පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් 97,322 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 84,755 ක් පැමිණ තිබූ අතර එයට සාපේක්ෂව මෙම මස පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සියයට 14.72 කින් වර්ධනය වී ඇත.

ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පසුගිය 13 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට සංචාරකයන් 590,000ක් පැමිණ ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම මාසයේදී මෙරටට සංචාරකයන් 302,803 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 205,481 ක් දින18ක කාලය තුළදී මෙරටට පැමිණිය යුතුව තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ගෙවුණු දින 13 ක කාලය තුළ දිනකට මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 7,480 ක් ලෙස සටහන් විය. එම කාලය තුළදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි දිනය ලෙස පසුගිය 8 වැනිදා සටහන් වන අතර, එදින මෙරටට සංචාරකයන් 9,073 ක් මෙරටට පැමිණ තිබිණ. මෙම මස පළමු දින 13 තුළදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වෙන අතර, එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන රුසියාවටත්, ජර්මනියටත් හිමිව ඇත.

 



අදහස් (0)

මාර්තු පළමු දින 13 ට සංචාරකයෝ 97,322 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site