යොහාන් භාසුර
මෙම වසරේ (2025) පළමු දින 22 තුළ විදේශ සංචාරකයන් 177,403 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරි මස පළමු සති දෙක තුළ පමණක් විදේශ සංචාරකයන් ලක්‍ෂයක් ඉක්මවා පැමිණීම කැපී පෙනෙන බවත් පළමු සතියේ සංචාරකයන් 54,854 ක්, දෙවැනි සතියේ සංචාරකයන් 57,561 ක් සහ තෙවැනි සතියේ සංචාරකයන් 57,473 ක් ලෙස 169,888 ක් පැමිණි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
මෙම මස 22 වැනිදා පමණක් සංචාරකයන් 7,515 ක් පැමිණි බවත් සංචාරකයන් 9,392 ක් ජනවාරි මස 2 වැනිදා මෙරටට පැමිණි අතර එය මෙම දින 22 තුළ දිනකදී පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩිම සංචාරකයන් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය පළමු දින 22 තුළ ඉන්දීය ජාතිකයන් 30,847 ක් ද, රුසියානුවන් 25,608 ක් ද, බ්‍රිතාන්‍ය ජාතිකයන් 14,959 ක් ද, මෙරට පැමිණ ඇති බව ද වැඩි දුරටත් කීය.
මුල් සති තුනට විදේශ සංචාරකයෝ 177,403 ක්