IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මාස පහට තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.

පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.

විදෙස්‌ වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින්  රුපියල් 130 ක්‌ පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක්‌ පවතින  බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.

 



අදහස් (0)

මාස පහට තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

ජනහිත Monday, 19 September 2016 06:16 PM

මුලින් දකිනකොටම මම හිතුවේ කවුරුහරි කෙනෙක් කළ වැඩක් කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 19 September 2016 08:07 PM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

හේවා Monday, 19 September 2016 08:14 PM

මැති අැමතිවරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. වනාන්තර සහ කඳු ගිනිතබා තැඹිලි වවන්නට පටන්ගනීවි (නි)

:       0       0

ක්‍රිෂාන්ති Tuesday, 20 September 2016 08:52 AM

අනේ මෝඩ හේවායෝ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:34 PM

මෙහෙ අරාබිකරයේ අපි තැඹිලි ගන්නේ රුපියල් 365/00 කට වගේ ගණනකට. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 20 September 2016 01:18 PM

ලන්ඩන් මාර්කට් එකේ රු .500 - 600 විතර වෙනවා .(අ)

:       0       0

කලවාන Thursday, 22 September 2016 04:59 AM

තව තවත් වැඩියෙන් තැඹිලි වවන්න. තව තවත් විදේශ විනිමය හොයන්න ඕනෑ (නි)

:       0       0

සුජිත් Thursday, 22 September 2016 05:57 AM

තව එක අඩියක් ඉස්සරහට තියමුකෝ මේ කර්මාන්තයෙන්. (නි)

:       0       0

සුනිල් විජේසේන Friday, 23 September 2016 08:02 AM

අපි දෝහවල කුරුම්බා ගෙඩියක් ගන්නේ රියාල් පහලවකට රුපියල් 585 ක් පමණ වෙනවා (බ)

:       0       0

ඉන්දික Friday, 23 September 2016 10:21 AM

මම ඉන්න අබුඩාබි වල තැඹිලි ගෙඩියක් රුපියල් 210 ක මුදලට අලෙවි කරන්නේ. ඇත්තටම මෙහෙ හොඳ අලෙවියක් තියෙනවා තැඹිලි වලට. (නි)

:       0       0

හේමපාල - මහනුවර Saturday, 24 September 2016 03:39 AM

මම දැනට අවුරුදු 25 කට පෙර තමිල්නාඩුවට ගිය මොහොතක එම ප්‍රාන්තයේ පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 50 ට අළෙවිවෙන බව දුටිමි. මෑතකදී කළ සංචාරයකදී ලොකු පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 30 ට මිලදී ගත හැකිවීම දැක පුදුම වුණෙමි. පොල් වගාව ඉතා සරුවෙන් කරන ප්‍රාන්තයක් වශයෙන් තමිල්නාඩුව මුදුන්පෙත්තේ සිටී. (නි)

:       0       0

ශාන්ත කටාර් Saturday, 24 September 2016 04:02 PM

මෙහෙ තැඹිලි දකින්නත් නැහැ, ඉඳල හිටලා කුරුම්බා ගෙඩියක් බොනවා , එකත් එන්නේ කෙරලෙන් ,, සුනිල් හරි ,, සමහරක් දාට රුපියල් 600 විතර වෙනවා. පුළුවන් නම් දෝහා මකෙට් එක අල්ලන්න , හොඳ ආයෝජනයක් වෙයි (අ)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 11:03 AM

අර මොන සුදාගේද කතාවේ ඇත්තක් තිබෙනවා වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site