IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහජන බැංකුවේ “නිදහසේ උපත” වැඩසටහනෙන් වතුපිටිවල මවුවරුන්ට තිළිණ

නිවුන් දරුවන් බිහිකර සිටි මවකට කළමනාකරු රෝහිත සමන් කුමාර මහතා ත්‍යාග පාර්සලයක් පිරිනැමූ අයුරු සේයාරුවෙන් දැක්වෙයි.


 වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන


වතුපිටිවල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගර්භණී මවුවරුන්ට සහ දරුවන් ප්‍රසූතකර සිටින මවුවරුන්ට මහජන බැංකුව නිදහස් දිනයදා ක්‍රියාත්මක කළ “නිදහසේ උපත” වැඩසටහන යටතේ ත්‍යාග පාර්සල් සහ මුදල් තිළිණපත් ප්‍රදානය කිරීමේ සත්කාරයක් නිදහස් දිනයදා සිදුකෙරිණි.

 අලු‍ත උපන් දරුවන්ගේ නම්වලින් මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කිරීම සඳහා සෑම මවකටම රුපියල් 2000ක් වටිනා තිළිණපතක් බැගින් මෙහිදී ප්‍රදානය කෙරිණි. සෑම මවකටම ත්‍යාග පාර්සලයක් බැගින් ද පිරිනැමූ අතර, මේ සඳහා නිට්ටඹුව, යක්කල, මීරිගම, කිරිඳිවැල, වේයන්ගොඩ, මරදගහමුල යන බැංකු ශාඛාවල සහ බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ කාර්ය මණ්ඩල මූල්‍ය දායකත්වය දක්වා ඇත. නිට්ටඹුව මහජන බැංකුවේ කළමනාකරු රෝහිත සමන් කුමාර මහතා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩලය මෙම සත්කාරය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට මහජන බැංකු ශාඛා කළමනාකරුවන් වන රෝහිත සමන් කුමාර (නිට්ටඹුව), එම්.ඒ.පී. නන්දන මල්ලවාරච්චි (මීරිගම), ශානාස් ජාෆීර් (යක්කල), ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් වන නිශාන්ත කරුණාරත්න, ලහිරු සේනාරත්න, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී (නිට්ටඹුව) කසුන් මනෝජ් චතුරංග යන මහත්ම මහත්මීහුද, නිට්ටඹුව බැංකු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.

 



අදහස් (0)

මහජන බැංකුවේ “නිදහසේ උපත” වැඩසටහනෙන් වතුපිටිවල මවුවරුන්ට තිළිණ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site