IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මහින්ද්‍රා අලු‍ත්ම SUV රථ පෙළ එළිදැක්වේ

ලෝක වාහන වෙළඳපොළේ ප්‍රමුඛ නාමයක් දිනූ සමාගමක් වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම හඳුන්වා දෙන නව SUV මාදිලි පෙළක්, නවතම “Twin Peaks” ලෝගෝව යටතේ මෙවර Colombo Motor Show ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබීය.

 ගතිකත්වය සහ වීරත්වය එකට කැටි කළ නව ලෝගෝව මහින්ද්‍රා සමාගමේ නව SUV මාදිලිවල ඇති ගාම්භීර පෙනුම මෙන්ම සුඛෝපභෝගී බව සහ අව්‍යාජ බව මැනවින් නිරූපණය කරයි. 

 නව SUV පෙළ XUV700, Scorpio-N, සහ XUV 3XO ලෙස නම් කර ඇති අතර, නවීනතම තාක්ෂණයත්, අද්විතීය පෙනුමත් එක්තැන් කළ මාදිලි පෙළක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 

සුඛෝපභෝගී බව සහ නව තාක්ෂණය සමඟින් එන XUV700 රථය, 200 PS TGDi පෙට්‍රල් එන්ජිමකින්, ADAS Level 2 විශේෂාංගය ඇතුළත් AISIN වේග 6 ගියර් පද්ධතිය මෙන්ම, Sunroof සහ ප්‍රිමියම් Sony 12 speaker 3D ශබ්ද පද්ධතියකින් ද සමන්විත වේ. Scorpio-N යනු 175 PS mHawk ඩීසල් එන්ජිමක් සහ අතිප්‍රබල ක්‍රියාකාරීත්වකින් යුතු රථයක් වන අතර 400 Nmව්‍යවර්ථයකින් (torque) සමන්විතය. වේග 6 ඔටෝ ගියර් පද්ධතියක්, මාදිලිය තුළ ප්‍රමුඛ විශේෂාංගයක් වූ Off-Road සඳහා විශේෂිත 4XPLOR intelligent terrain management තාක්ෂණයෙන් ද සමන්විත රථයකි. XUV 3XO රථය තරමක් වෙනස් ආකාරයේ SUV රථයක් ලෙස හැඳින්විය හැකි අතර, 112 PS බලයක් ඇති 1.2L TCMPFI පෙට්‍රල් එන්ජිම, 200 Nm ව්‍යවර්ථයක් මෙන්ම AISIN 6 වේග කට්ටලයකින් සමන්විතය. එමෙන්ම ADAS Level 2, Skyroof™ සහ twin HD screens වැනි නව තක්ෂණික විශේෂාංගවලින් ද XUV 3XO රථය සමන්විත වේ. 

 



අදහස් (0)

මහින්ද්‍රා අලු‍ත්ම SUV රථ පෙළ එළිදැක්වේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site