භානුක අමරසිංහ
සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ මහේෂ් විජේවර්ධන මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බව එම සමාගම පවසයි. 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාට මෙලෙස උසස් වීමක් ලබාදී තිබේ.
මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වන විට ඒ මහතා සතුව සංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටස් 105,000ක් හිමි බවත් සමාගම වැඩිදුරටත් පවසයි. ඒ මහතා සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී වෙත පළමුවරට පත් කෙරුණේ 2006 වසරේදීය. 2018 වසරේදී ඒ මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කෙරිණි.
මහේෂ් විජේවර්ධන සිංගර් (ශ්‍රී ලංකා) කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට