IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්

යොහාන් භාසුර

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

පෙබරවාරි මස ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කර ඇති බවත් මෙම වර්ධනය තව දුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල තව දුරටත් වර්ධනයක් වියයුතු බවත් මහ බැංකුව කියයි.
මාර්ග සහ වාරිමාර්ග පද්ධති පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑම හේතුවෙන් පෙරවාරි මස නව ඇණවුම් දර්ශකය ඉහළ ගිය බව ද එම බැංකුව සඳහන් කළේය.ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමග තොග මිලදී ගැනුම් සහ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site