(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඒ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අවස්ථා පහකට ආසන්න සංඛ්‍යාවකදී බැංකු පොලී අඩු කළ අතර වසර මුළුල්ලේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (18) රැස් වූ එහිදි මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් දැනට තිබෙන 4.50% සහ 5.50% ලෙස දැනට පවතින අගයේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
ඊට අමතරව බැංකු අනුපාතිකය 8.50% ක අගයකත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 2%ක අගයකත් පවත්වාගෙන යෑමට තීරණය වී තිබේ.
මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගනි