IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මාළු කෑම වැඩිවෙලා

මේ වසරේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

පර්යේෂණයකින් එම කරුණු අනාවරණය වූ බවත් ඒ අනුව මේ වසරේ ගත වූ කාලයේදී මෙරට දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 46.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි. 

වසර 2013 දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේ දී දිනකට ග්‍රෑම් 42.9 ක් වූ පසුගිය වසරේදී එය අගය දිනකට ග්‍රෑම් 43.2ක් වූ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියි.

මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම මෙන්ම, බොහෝ පාරිභෝගිකයින් මස් අනුභවයට වඩා මත්ස්‍ය  පරිභෝජනයට නැඹුරු වීම එලෙස මේ වසරේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ යාමට හේතු වූ යැයි ද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

 



අදහස් (0)

මාළු කෑම වැඩිවෙලා

අසෝකා Tuesday, 29 November 2016 07:44 PM

ආණ්ඩුවේ මැති ඇමතිවරු මහජනතාවගේ මාළු කන තරමත් ඕකටම එකතු කළා නම් හරියටම ගණන දැනගන්න තිබුනා (නි)

:       0       0

නෝබර්ට් Tuesday, 29 November 2016 09:55 PM

මිල ඇහුවම ඇඟේ මාළු නටනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 November 2016 12:50 AM

මගේ ගෙදරත් මස් වර්ග කෑම නැවැත්තුවා. (නි)

:       0       0

රුවන් Thursday, 01 December 2016 03:57 AM

මුහුදු මාළුද ජනතාවගේ මාළුද? .(බ)

:       0       0

හෙෂාන් Thursday, 01 December 2016 10:32 AM

මාළු වලට ප්‍රිය කරන ජනතාවත් ඉන්නවා (ර)

:       0       0

සමන් Thursday, 01 December 2016 10:32 AM

පව්කාරයෝ, සත්තු මරන් කන (ර)

:       0       0

සමන් Thursday, 01 December 2016 10:43 AM

පව්කාරයෝ, සත්තු මරන් කන (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site