IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මේ පාර සීසන් එකේ බිස්නස් අඩු වෙලා


නාවින්න S.J.COLOUR BOOTH 
වෙළෙඳ ආයතනයේ හිමිකරු 
එස්.එස්.එස්. ජයසේන


එළැඹෙන සිංහල අවුරුදු සමයත් සමඟ පාරිභෝගිකයෝ නව ඇඳුම් මිලඳී ගැනීමට උත්සාහ කරනවා සේම සිය නිවස අලු‍ත් වැඩියා කිරීමටත්, නිවසෙහි තීන්ත අලේප කරමින් අලු‍ත් පෙනුමක් ලබා ගැනීමටත් උත්සහ කරති. 
ළඟ ළඟම එන උත්සව සමයත් සමග මහරගම වෙළෙඳ නගරයේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී නාවින්න S.J.COLOUR BOOTH  වෙළෙඳ ආයතනයේ හිමිකරුවන එස්.එස්.එස්. ජයසේන මහතා දැක්වූයේ මෙවන් අදහසකි.


Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
ගොඩනැඟිලි ඉදිකිරීම් ආශ්‍රිත අමුද්‍රව්‍ය සහ තීන්ත වර්ග තමයි අපි බිස්නස් කරන්නේ. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තම මේ පාර සීසන් එකේ බිස්නස් අඩු වෙලා තියෙන්නේ. හරි නම් මේ වෙද්දී අවුරුදු සීසන් එකට පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගන්න පැමිණෙනවා. එහෙත් තවම සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් නැහැ. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
වසර දහයක ඉදන් මම මේ බිස්නස් එක කරන්නේ. මේ දවස්වල භාණ්ඩවල මිල හිටි හැටියේම වෙනස් වෙනවා. ඒ කියන්නේ පසුගිය දිනවල සිමෙන්ති මිල අඩු වුණා. එහෙත් නැවතත් මිල වැඩිවීමක් වුණා. බිස්නස් අඩුවෙන්න ඒකත් හේතුවක් කියලා මම හිතනවා. 
වෙළෙඳපොළේ පාරිභෝගික අවශ්‍යතාවට ගැළපෙන පරිදි භාණ්ඩ තියෙනවා. පාරිභෝගිකයන් බලන් ඉන්නවා පවතින මිලට වඩා යම් මට්ටමකින් හරි භාණ්ඩවල මිල අඩුවෙයි කියලා. එහෙත් භාණ්ඩ මිලේ විශේෂ අඩුවීමක් වෙලා නැහැ. සමහර දිනවල භාණ්ඩවල මිල පහත වැටෙනවා. එහෙත් භාණ්ඩ සඳහා පනවන ආනයනික බදු ඉහළයාමත් එක්ක භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙනවා. පාරිභෝගිකයන් සීසන් එක කියලා නිවාස අලු‍ත්වැඩියා කරන්න යනවාට වඩා දෛනික අවශ්‍යතා වෙනුවෙන් මුදල් යෙද වීමට පුරුදු වෙලා ඉන්නේ. අපිත් ඉදිරි දින කිහිපයේ හරි බිස්නස් එකක් තියෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ව්‍යාපාරිකයන් වන අපට මේ තත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා.

මනීෂා වීරසිංහ  / ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මේ පාර සීසන් එකේ බිස්නස් අඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site