යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රෙය් සිය නායකත්ව ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත. Gazet International වාර්ෂික සම්මාන උළෙලේදී ‘Most Innovative Life Insurance Service Provider Sri Lanka–2024’ ලෙස මෙන්ම, Global Brands Magazine සම්මාන උළෙලේදී ‘Most Digitally Forward Life Insurer 2024’ ලෙස සහ World Economic Magazine Awards සම්මාන උළෙලේදී ‘Most Loved Insurer Brand Sri Lanka–2024’ ලෙසද මෙම සමාගම ගෞරව ප්‍රණාමයට පාත්‍ර විය.
මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප, සෑම අයෙකුටම සුවිශේෂ වන ගමන් මාර්ගවලට සහාය සැපයීමට කැප වන්නේ ප්‍රගතිය ලැබීම සඳහා අවශ්‍ය ශක්තිමත්භාවයෙන් සහ විශ්වාසයෙන් ඔවුන් සවිබල ගන්වමින්. අපේ පාරිභෝගිකයන්ගේ පිරිපුන් සුවසෙත සමස්ත වශයෙන් ඉහළ නංවන විසඳුම් සැලසුම් කිරීමට සහ පිරිනැමීමට මේ කැපවීම මඟින් අප යොමු කරනවා. මේ සම්මාන අපේ සේවාවේ සෑම පැතිකඩක්ම අඛණ්ඩව නව්‍යකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට අප දරන දැඩි පරිශ්‍රමයේ සහ කැපවීමේ පිළිබිඹුවක්. අපේ විශිෂ්ටත්වය උදෙසා ඇගයීමට පාත්‍ර වන්නට ලැබීම සැබැවින්ම අපට ගෞරවයක් වන අතරම, මේ සම්මාන ප්‍රණාම මඟින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සීමා මායිම් පුළුල් කරමින්, අපේ රක්ෂණ ඔප්පුහිමියන්ට මෙන්ම සමස්ත වශයෙන් සමාජයටත් වඩාත් වැඩි වටිනාකමක් පිරිනැමීමට කැපවීම සඳහා අපව දිරිමත් කරනවා”.
යූනියන් ඇෂුවරන්ස් දිගු කලක් පුරා ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් දක්වන සිය දූරදර්ශී චින්තන ප්‍රවේශය සම්බන්ධයෙන් පිළිගැනීමට ලක්ව ඇත්තේ, ක්ෂේත්‍රය තුළ නිරන්තරව නව හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ ජීවිත රක්ෂණ යෙදවුම වන ක්ලික්ලයිෆ් ඇප් උපාංගය, යූනියන් ඇෂුවරන්ස් හි නව්‍යකරණයෙන් යුතු චින්තනයේ කැපීපෙනෙන අග්‍රඵලයකි. ලොව නවතම තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම උපාංගය මඟින්, රක්ෂණ ඔප්පුහිමියන්ට සිය ජීවිත රක්ෂණ සැලසුම් සුහුරු උපාංග ඔස්සේ අවහිරතාවකින් තොරව පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාව සලසමින්, එය භාවිත කරන්නාට විප්ලවීය අත්දැකීමක් ලබා දී ඇත.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික සංඛ්‍යාවක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත.
යූනියන් ඇෂුවරන්ස් ගෝලීය සම්මාන රැසකින් පිදුම් ලබයි