යුනියන් බැංකුව සිය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) ආරම්භ කරමින් තවත් ඉදිරි පියවරක් තබා ඇත.
2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) අත්වැල් බැඳගනිමින් මෙම සුවිශේෂී පාඨමාලාවේ පෙරමුණ ගෙන සිටී.
2024 දෙසැම්බර් මාසයේදී මේ සඳහා අයදුම්පත් බාර ගැනිණි. ඒ අතරින් සිසුන්, ව්‍යාපාරිකයන් සහ නවෝත්පාදන ව්‍යාපාරික අදහස් සහිත නැගී එන ව්‍යවසායකයන් 200 දෙනකු මේ සඳහා තෝරාගෙන ඇත. ඔවුහු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මාර්ගගත දේශන සහ වැඩමුළුවල මිශ්‍රණයකින් සැදුම්ලත් මෙම පාඨමාලාව, ව්‍යාපාර ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ණ පාඨමාලා පෙළකින් සමන්විතය. මෙම සුවිශේෂී අවස්ථාව, මෙරට ව්‍යාපාරිකයන් සහ නැගී එන ව්‍යවසායකයන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා වන පරිවර්තනීය ගමන්මගේ ආරම්භය සනිටුහන් කළේය. යුනියන් බැංකුවේ පාරිභෝගිකයෝ ද තම ව්‍යවසායකත්ව ගමන්මග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. සියලු පාර්ශ්ව සමග එක්ව යුනියන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ සුබවාදී අනාගතය ගොඩනැංවීම සඳහා කැපවී සිටී.
යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධනයට වැඩ අරඹයි