IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය අද ඇරැඹේ

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය (JITF) මුත්‍රවේලි පිටියේ දී අද (24) ආරම්භ වෙයි. ඒ, 15 වැනි වරටය. ප්‍රදර්ශන කුටි 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයට, දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දායක වනු ඇත. මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 15 වැනි වරටය.

අද (24) ඇරැඹෙන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය (JITF) ලබන 26 දක්වා පැවැත්වෙයි. තිරසාර බලශක්ති විසඳුම්, ඉදිකිරීම්, පාරිභෝගික නිෂ්පාදන, ආහාර පාන, ඇසුරුම්කරණය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය, මෝටර් රථ, කෘෂිකර්මය, ඇඟලු‍ම් ආදී ව්‍යාපාර, නිෂ්පාදන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) ප්‍රදර්ශනය සංවිධානය කරයි.



අදහස් (0)

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය අද ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site