IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රේගු ආඥාපනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට

නිමල කොඩිතුවක්කු


ආදායම් සංරක්ෂණ පනත සහ (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෝටර් වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමට සමගාමීව එම වාහන ආනයනය සඳහා සියයට 30ක ආනයන තීරු බද්දක් පැනවීම පිණිස 2024.12.09 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, පහත සඳහන් අති විශේෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආඥාව සහ නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අංක 2421/05 හා 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ 2 වැනි වගන්තිය යටතේ වූ අංක 01/2025 දරන ආදායම් සංරක්ෂණ ආඥාව. 

අංක 2421/43 හා 2025.01.31 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති (235 වැනි අධිකාරය වූ) රෙගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද නියමය.



අදහස් (0)

රේගු ආඥාපනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site