IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයේ මානව සම්පත් ඩිජිටල් කළමනාකරණයට GovHR එළිදැක්වෙයි


රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස  GovHR පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සිදු කෙරිණි. 

රාජ්‍ය සේවකයන්ගේ බඳවා ගැනීම්, ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය සහ විදේශීය පුහුණු. දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් දක්වා වූ සමස්ත මානව සම්පත් ක්‍රියාවලියම තනි මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒම මෙම  GovHR පද්ධතියේ ප්‍රධාන අරමුණ වී තිබේ. 

එසේම මෙම තොරතුරු ඊට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමගද ඍජුව සම්බන්ධ කිරීමට කටයුතු යොදා තිබේ. 

මෙහිදී අදහස් දක්වා ඇති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා, දැනට ලක්ෂ 12කට ආසන්න රාජ්‍ය සේවක පිරිසක් සිටින බවත්, මෙම වසරේදී තවත් 120,000 කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් සඳහන් කර තිබේ. 



අදහස් (0)

රාජ්‍ය සේවයේ මානව සම්පත් ඩිජිටල් කළමනාකරණයට GovHR එළිදැක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site