IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


රජරට විස්කම් 2026 වෙළෙඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය අනුරාධපුරයේ

 


අනුරාධපුර - දයාරත්න ඇඹෝගම


රජරට විස්කම් 2026 වෙළෙඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනිදා සිට 26 දින දක්වා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වුණි.

කර්මාන්තකරුවන්ගේ නිර්මාණ සහ නිෂ්පාදන ජාතික ශිල්ප සභාව මගින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන ග්‍රාම සංවර්ධන ව්‍යවසායකයන්ගේ නිර්මාණ හා අලෙවිසල් මෙන්ම ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන තිරසර ප්‍රජා පුහුණු සංවර්ධන මධ්‍යස්ථානවල සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයත් මෙහිදී දැකබලා ගත හැකි විය.

මෙම තෙදින වැඩසටහන උතුරු මැද පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලදී. 

මෙම ප්‍රදර්ශනයේදී අත්යන්ත්‍ර පේෂකර්ම නිපැයුම් සහ කර්මාන්ත නිෂ්පාදන, මැටි කර්මාන්ත නිෂ්පාදන, හස්ත කර්මාන්ත නිෂ්පාදන, ලී කැටයම් නිෂ්පාදන, මූර්ති නිෂ්පාදන, බීරළු ගෙතීමේ නිෂ්පාදන චිත්‍ර නිර්මාණ ආදී විවිධ කලා නිර්මාණ ප්‍රදර්ශනයට හා අලෙවියට ඉදිරිපත් කර තිබුණි.

මෙම අවස්ථාවට අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සීතා හේරත්, පළාත් කර්මාන්ත හා සමූපකාර අමාත්‍යාංශයේ ලේකම් එම්. ශ්‍රී ස්කන්ද කුමාර්, පළාත් පාලන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්. ගුණපාලන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුභාජිනි මදියගලන්, නාගරික කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ ආර්.එච්. ඒකනායක, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ ආර්.ඩබ්ලිව්.ආර්.එම්.සී. රණවාරණ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

රජරට විස්කම් 2026 වෙළෙඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය අනුරාධපුරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site