IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රාත්‍රී සංගීත සංදර්ශන කාලයේ වෙනසකට අවධානය

යොහාන් භාසුර


රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති බවත් අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2005/38 දරන අධිකරණ තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් දී ඇති බව කී අමාත්‍යවරයා එම තීන්දුවට අනුව 2007/ 2008 පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය 2010 වසරේදී සංශෝධනය කර ඇති බවද පැවසීය.
සංචාරක ක්ෂේත්‍රයක කිසිදු ආකාරයක බලපෑමක් නොවන ආකාරයෙන් මෙම සංශෝධන කළ යුතුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා රජය මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් දියත් කර ඇති බවද සඳහන් කළේය.

 



අදහස් (0)

රාත්‍රී සංගීත සංදර්ශන කාලයේ වෙනසකට අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site