IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලොකුවට බිස්නස් නැහැ

ජපන් අමතර කොටස් ලංකාවට ගෙනැවිත් අලෙවි කරන ප්‍රධානම වෙළෙඳ මහතකු වන්නේ නිශාන්ත ඉඳුනිල් කුරුප්පුය. පංචිකාවත්තේ ප්‍රධාන කඩ පේළිය මැදට වන්නට මෙම වෙළෙඳසල පිහිටා තිබේ. මේ ව්‍යාපාර ස්ථානයත් පියාගෙන් පුතාට උරුම වූ ව්‍යාපාර ස්ථානයකි. ‘ලීලා මෝටර්ස්’ මෙහි නාමයයි. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන යන ගමනේ අපට හමු වූ තවත් ව්‍යාපාරික ස්ථානයකි මෙය. 

Q:  මේ දවස්වල බිස්නස් කොහොම ද? 
“මෙහෙමයි. හැමදාම එක වගේ බිස්නස් නැහැ. දවසක් තිබුණොත් දවසක් නැහැ. සාමාන්‍ය පරිදි බිස්නස් තියෙනවා. ඉස්සර වගේ දැන් කොහොමත් ලොකුවට බිස්නස් නැහැ. සාමාන්‍ය පරිදි ශේප් වෙලා යනවා. කොරෝනාවලට කලින් බිස්නස් හොඳට තිබුණා. එතැනින් පස්සේ බිස්නස් හොඳටම වැටුණා. ඩොලර් ප්‍රශ්නය ආවා. ආර්ථික අවපාතය හොඳටම ආවා. ඒ කාලයේ බිස්නස් ගොඩක් අඩු වුණා. බිස්නස්වල ලොකු දියුණුවක් පේන්න නැහැ.” 


Q:  බිස්නස් අඩු වුණේ ඇයි? 
“පිටරටින් බඩු ගෙන්නනවිට අයකරන ටැක්ස් එක අඩු කරන්න පුළුවන් නම් අඩු මිලට ජනතාවට බඩු දෙන්න පුළුවන්. එතකොට නිකන්ම වෙළෙඳාම වැඩි වෙනවා. වෙළෙඳ සමාගම්වලින් හරි ඉල්ලීම් කරන්න ඕනෑ අයවැයෙන් එහෙම කරන්න කියලා. නිෂ්පාදන වියදම එක්ක බලලා වෙන්න ඇති මේ ගණන් කියන්නේ. දැනට මේ ආයතනයේ තුන් දෙනෙක් සේවය කරනවා. කලින් මීට වැඩිය හිටියා. ඒත් කොරෝනාවලින් පස්සේ සේවකයෝ අඩු වුණා. දැන් ජනතාවත් ලොකුවට සල්ලි වියදම් කරන්න බලන්නේ නැහැ. හැම දෙයක්ම ගණන් නිසා ජනතාවටත් මුදල් අපහසුතා තිබෙනවා. එහෙම වුණාම බිස්නස් අඩු වෙනවා. මේවා ගැන හිතලා ආණ්ඩුව අපට බදු සහනයක් දුන්නොත් අඩු මිලට බඩු දෙන්න පුළුවන්.” 

අමිල චින්තක ගමගේ (ඡායාරූපය - ඉසුරු පෙරේරා)



අදහස් (0)

ලොකුවට බිස්නස් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site