IMG-LOGO

2026 නොවැම්බර් මස 20 වන සිකුරාදා


ලංකාවට සෞඛ්‍ය ATM 50ක් ලබාදීමට ඉන්දියාවෙන් රු.මි. 225ක ප්‍රදානයක්

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවට වෛද්‍ය කුටි/සෞඛ්‍ය ATM 50ක් ලබාදීම සඳහා ප්‍රදානයක් ලබා දෙන බවට නිවේදනය කර ඇත. 

ඉකුත්දා කොළඹ දී පැවති BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන සහ රසායනික ද්‍රව්‍ය සහ පොහොර අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවෙන් අනතුරුව මෙම නිවේදනය කළේය. 

වෛද්‍ය කුටි/ සෞඛ්‍ය ATM මගින් විශේෂයෙන්ම ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශවල අත්‍යවශ්‍ය රෝග නිශ්චය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මේ තුළින් රෝග කලින් හඳුනාගනිමින් රජයේ රෝහල් මත පැටවෙන බර අවම කිරීමට ද හැකිවනු ඇත. 

 

 

 



අදහස් (0)

ලංකාවට සෞඛ්‍ය ATM 50ක් ලබාදීමට ඉන්දියාවෙන් රු.මි. 225ක ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site