IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක්

ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව පාකිස්තානය හොඳ මිතුරන් යයි ඔහු කීවේය. ඔහු මේ බව කියා ඇත්තේ ශ්‍රී ලංකා පාකිස්තාන මහකොමසාරිස් ජයලත් වීරක්කොඩි මහතා සමග ඉස්ලාමාබාද් නුවරදී පැවැති හමුවකදීය. ශ්‍රී ලංකාව හා පාකිිස්තානය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවකාශ ඇති බව ද ඔහු කියා තිබේ. දෙරටේ රජයයන් හා විවිධ ආයතන අතර ද්විපාර්ශවික සබඳතා තවත් පුළුල් කැර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී ඇත.



අදහස් (0)

ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක්

රමන් Sunday, 29 July 2012 05:16 PM

අනේ කවුරුත් නැද්දෝ පකිද්තාන් අයට මුකුත් කියන්න..???(ස)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 12:04 PM

ක්‍රිකට් ගහනකොටද (දී)

:       0       0

ලලිත් Monday, 30 July 2012 02:52 PM

ඉන්දියාව අපිත් එක්ක එච්චර හොද නැහැනේ ඒකයි. (දී)

:       0       0

ගුණරත්න Monday, 30 July 2012 08:53 PM

ඔව් ඔබ අපට යුද්දෙදි හොඳින් උදව් කළා එයට ස්තුතියි (අ)

:       0       0

රණවීර Monday, 30 July 2012 11:23 PM

අපේ රටට උදවු කළාට ස්තූතියි! (නි)

:       0       0

ජයකොඩි Wednesday, 01 August 2012 06:31 PM

ඉන්දියානු ආත්මාර්තකාමින්ට වඩා මෙයාලා හොදයි. (නි)

:       0       0

සුජිත් Thursday, 02 August 2012 11:29 AM

යුද්දෙදි ඉන්දියාව නිතරම අකුල් හෙලිවත් පකිස්ථානය චීනය චෙක් රාජ්‍යය චෙකොස්ලෝවැකියාව ඊශ්‍රයල් කියන රටවල් අපට නිතරම උදව් කළා. ඔබ සියල්ලන්ටම ස්තුතියි..!!(නු)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:55 AM

කොයි ඇයි හොඳයියත් වාසියට විතරයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site